ads
Interview

වේදිකාවෙන් පුංචි තිරයට ආ සොඳුරු රුවැත්තිය: තිලිණි ජයමාලි

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber

වේදිකාවෙත්, පුංචි තිරයෙත් එකසේ ප්‍රේක්ෂක ආදරය දිනාගත් ඇය, තමන්ටම ආවේණික වූ රංගන ශෛලියකින් ප්‍රේක්ෂක හදවත් තුළ නොමැකෙන මතක සටහන් තැබූ ශිල්පිනියකි. මේ දිනවල විකාශනය වන ‘විසේකාරී’ සහ ‘සින්ටෝ’ ටෙලි නාට්‍ය හරහා ඔබේ ආලින්දයට එන ඇය, මෙරට නවක පරපුරේ සිටින දක්ෂතම රංගන ශිල්පිනියක් වන තිලිණි ජයමාලි. Ziradaily අපි ඇය සමඟ කළ සුහද කතාබහක් මෙලෙස පෙළගස්වන්නෙමු.

your image

තිලිණි, කොහොමද මේ දවස්වල වැඩකටයුතු?

ඇත්තටම මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. ‘සින්ටෝ’ සහ ‘විසේකාරී’ ටෙලි නාට්‍යවල රූගත කිරීම් සිද්ධ වෙනවා. ඒ වගේම වේදිකා නාට්‍ය කිහිපයකටම සම්බන්ධ වෙලා ඉන්නවා. විශේෂයෙන්ම ‘කොළඹ හතේ තෝරන’, ‘විෂමසම’, ‘කෝලම් රටක්’ සහ ‘ආණ්ඩි හතයි කැඳ හැලියයි’ යන වේදිකා නිර්මාණ සමඟයි මේ දවස්වල කාලය ගත වෙන්නේ.

‘කොළඹ හතේ තොරණ’ වේදිකා නාට්‍යය එන පෙබරවාරි මාසයේදී ඉන්දියාවේ පැවැත්වෙන ‘භාරත් කලා රංග මහෝත්සවයට’ තේරී පත්වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් ඉන්දියාවට යන්න මේ දවස්වල සූදානම් වෙනවා.

your image

ඔබ රංගනයට පිවිසුණු ආකාරය ගැන මතක් කළොත්?

මම රංගනයට පිවිසෙන්නේ වේදිකාවෙන්. මුලින්ම වේදිකා නාට්‍යයක රඟපාද්දී මගේ වයස අවුරුදු දහයයි. චූල දසනායක මහත්මයාගේ ‘සුදු බබා සහ කළු පූසි’ තමයි මගේ පළමු නාට්‍යය. ඒක රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ අවසන් වටයට තේරුණු නිර්මාණයක්. මගේ රංගන ජීවිතයේ අඩිතාලම දැම්මේ චූල දසනායක මහත්මයා. ඒ වගේම මගේ පොඩි අක්කා, තක්ෂිලා නිල්මිණි රඟපානවා දැකලා තමයි මටත් රංගනයට ආසාවක් ඇති වුණේ.

විසේකාරී’ ටෙලිනාට්‍යයේ ‘උවී’ ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. දැන් මාව පාරේ දැක්කත් මිනිස්සු කතා කරන්නේ ‘උවී’ කියලා. ලැබෙන ප්‍රතිචාර හොඳ වුණත් නරක වුණත් මම ඒක බාරගන්නවා. මොකද ප්‍රේක්ෂකයන්ට තමන්ගේ කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා. හැබැයි මට හිතෙන්නේ නරක ප්‍රතිචාරවලට වඩා ‘උවී’ කියන චරිතයට මිනිස්සු ගොඩක් ආදරය කරනවා කියලයි.

your image

අලුත් නිර්මාණයක චරිතයක් භාරගනිද්දී තිලිණි වැඩිපුරම අවධානය යොමු කරන්නේ මොන වගේ කරුණු වලටද?

මුලින්ම මම බලන්නේ මම ඒ චරිතයට ගැලපෙනවාද කියන එකයි. මගේ කොණ්ඩේ වෙනස් කරන්න අමාරුයි. ඒ නිසා බාහිර පෙනුම ගැනත් මම සැලකිලිමත් වෙනවා. චරිතයට අවශ්‍ය කරන ඇඳුම් පැළඳුම් සහ කොණ්ඩ විලාසිතාවන් වගේ දේවල් ගැනත් මම අවධානය යොමු කරනවා.

ඉදිරියේදී ඔබව දකින්න ලැබෙන අලුත් නිර්මාණ මොනවාද?

දැනට චිත්‍රපට දෙකකට සහ ටෙලි නාට්‍ය දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වගේම සිනමාවට සම්බන්ධ වෙන්න ලොකු සූදානමක් සහ බලාපොරොත්තුවක් තියෙනවා.

කලා ජීවිතය සහ පෞද්ගලික ජීවිතය තුළ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

මම සිනමාවට හරිම ආදරෙයි. ඉදිරියේදී සිනමාව තුළ හොඳ ගුණාත්මක නිර්මාණයකට දායක වෙන්න ලොකු කැමැත්තක් තියෙනවා. ඒ වගේම පෞද්ගලික පැත්තෙන් ගත්තොත්, රංගනයට අමතරව අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරන්නත් අදහසක් තියෙනවා.

තිලිණි ජයමාලිගේ ඉදිරි කලා කටයුතුවලට Ziradaily අපෙන් උණුසුම් සුබ පැතුම්!

✍️නයනාංජලී හේවගේ

0%
100%
0%
0%
Comments