ads
Entertainment

මිල්ටන් මල්ලවාරච්චිගේ ජීවන රිද්මය රිදී තිරයට

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකේය හදවත් සිය සුමධුර හඬින් සුවපත් කළ, සිංහල සුභාවිත ගීත කලාවේ නොමියෙන ලකුණ වූ මිල්ටන් මල්ලවාරච්චි ශූරීන්ගේ වර්ණවත් ජීවිත කතාව දැන් සිනමා සිත්තමක් ලෙස නිර්මාණය වීමට සූදානම් වේ.

"එදා රෑ" ලෙස නම් කර ඇති මෙම සිනමාපටයේ නිෂ්පාදන කටයුතු නිල වශයෙන් ආරම්භ කරමින්, එහි මුහුරත් උළෙල ජනවාරි 20 වනදා පෙරවරු 9.15 ට කොළඹ 02, නවලෝක රෝහලේ 14 වන මහලේ පිහිටි නවලෝක උත්සව ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඇල්බම 35කට අධික ප්‍රමාණයකින් ගීත 850කට වඩා වැඩි සංඛ්‍යාවක් ගායනා කළ මිල්ටන් මල්ලවාරච්චි මහතා, ගායකයෙකු පමණක් නොව දක්ෂ තබ්ලා සහ සිතාර් වාදකයෙකු ලෙසද සිය ප්‍රතිභාව විදහා දැක්වූවෙකි. රිදී තිරයේ පසුබිම් ගායනයෙන් සිංහල සිනමාවට ඔහු ලබා දුන් දායකත්වය අතිමහත්ය. ඔහුගේ එම කලාත්මක දිවියේ හැරවුම් ලක්ෂ්‍යයන් මෙන්ම පෞද්ගලික ජීවිතයේ හැලහැප්පීම් ද අලළා මෙම චිත්‍රපටය නිර්මාණය වේ.

මෙම දැවැන්ත සිනමා ව්‍යාපෘතිය One Line Production & Entertainment Limited වෙනුවෙන් නිෂ්පාදනය කෙරේ. මෙහි අධ්‍යක්ෂණය ප්‍රවීණ සිනමාකරු අරුණ ජයවර්ධන විසින් සිදු කරනු ලබයි. චිත්‍රපටයේ මූලික කටයුතු පිළිබඳ නිල ප්‍රකාශය මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ පුත් ප්‍රවීණ ගායක රනිල් මල්ලවාරච්චි, One Line Production ආයතනයේ සභාපති ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු සහ අධ්‍යක්ෂ චාමක මංජුල යන මහත්වරුන් විසින් සිදු කරන ලදී.

"එදා රෑ" චිත්‍රපටය ද මිල්ටන් මල්ලවාරච්චි යන ඒ අසහාය කලාකරුවාට කරන උසස්ම උපහාරයක් වනු ඇති බව ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු මහතා විශ්වාසය පළ කරයි.

0%
0%
0%
0%
Comments