ads
Feature

මහජනතාවට පොලිසියෙන් හදිසි අනතුරු ඇඟවීමක්!

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
වර්තමාන තාක්ෂණික දියුණුවත් සමඟ ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය ජාල සහ දුරකථන ඇමතුම් උපයෝගී කරගනිමින් සිදුකරන මූල්‍ය වංචාවන්හි ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි. පුද්ගලික බැංකු ගිණුම්වල ඇති මුදල් සූක්ෂ්ම ලෙස සොරකම් කරන සංවිධානාත්මක කණ්ඩායම් පිළිබඳව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් දිනපතා පැමිණිලි වාර්තා වේ.
මෙම වංචාකරුවන්ගේ ගොදුරක් බවට පත්වීමෙන් වැළකී සිටීම සඳහා මහජනතාව ඉතා අවධානයෙන් සහ විමසිලිමත්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව පොලිස් මූලස්ථානය අවධාරණය කරයි.
පොලිස් වාර්තාවලට අනුව, මෙම වංචාකරුවන් විවිධ උපක්‍රම භාවිතා කරමින් මහජනතාව නොමඟ යවයි. බොහෝ අවස්ථාවලදී ඔවුන් බැංකු නිලධාරීන් ලෙස පෙනී සිටිමින්, ව්‍යාජ රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් හෝ විවිධ වාසනාවන්ත දිනුම් ඇදීම්වලින් ජයග්‍රහණය කර ඇති බව පවසමින් පුද්ගලික තොරතුරු විමසනු ලබයි. ඇතැම් අවස්ථාවලදී ගිණුම් හිමියන්ට විවිධ චෝදනා එල්ල කරමින් ඔවුන්ව බිය ගන්වා, එම බිය උපයෝගී කරගනිමින් බැංකු ගිණුම් අංක, රහස් පද (OTP), QR කේත සහ අන්තර්ජාල බැංකුකරණයට අදාළ තොරතුරු ලබාගැනීමට මොවුන් කටයුතු කරයි.
මෑතකදී මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය සහ පාදුක්ක පොලිසිය වෙත වාර්තා වූ තොරතුරු අනුව තවත් භයානක උපක්‍රමයක් හෙළි වී තිබේ. එහිදී වංචාකරුවන් ගිණුම් හිමියන් අමතා පවසන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ඔවුන්ගේ ගිණුමට වැරදීමකින් මුදල් තැන්පත් කර ඇති බවයි. 

ඉන් අනතුරුව, එම මුදල් නීත්‍යානුකූල නොවන බව පවසමින් ගිණුම් හිමියන්ව බිය ගන්වා, එම මුදල් වංචාකරුවන් විසින් පාලනය කරනු ලබන වෙනත් ගිණුම් වෙත මාරු කරවා ගැනීමට ඔවුන් පියවර ගනී.

මෙවැනි මූල්‍ය වංචාවලින් ආරක්ෂා වීම සඳහා පොලිසිය විසින් පහත සඳහන් ආරක්ෂක පියවර අනුගමනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි:
  • ඕනෑම වෙබ් පිටුවක හෝ සමාජ මාධ්‍ය ගිණුමක විශ්වාසනීයත්වය පරීක්ෂා කරන්න.
  • ඔබේ බැංකු තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය, මුරපද (Passwords), OTP කේත හෝ පෞද්ගලික ඡායාරූප කිසිවිටෙකත් ආගන්තුකයන් සමඟ හුවමාරු කර නොගන්න.
  • සැක සහිත සබැඳි (Links) මත ක්ලික් කිරීමෙන් වළකින්න.
  • මුදල් තැන්පත් කිරීමේදී අදාළ පුද්ගලයාගේ හෝ ආයතනයේ අනන්‍යතාවය තහවුරු කරගැනීමට වගබලා ගන්න.
යම් හෙයකින් ඔබ මෙවැනි වංචාවකට හසු වුවහොත් හෝ ඒ පිළිබඳ තොරතුරක් දන්නේ නම්, වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සයිබර් අපරාධ අංශය වෙත දැනුම් දෙන ලෙස පොලිසිය දැනුම් දෙයි. 

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාදීමට හෝ පැමිණිලි කිරීමට පහත දුරකථන අංක භාවිතා කළ හැකිය:
  • මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය: 011-2852556
  • ස්ථානාධිපති (මිරිහාන කොට්ඨාසය): 075-3994214
  • පරිගණක අපරාධ විමර්ශන අංශය (නියෝජ්‍ය අධ්‍යක්ෂ): 011-2300638
  • ස්ථානාධිපති (පරිගණක අපරාධ විමර්ශන අංශය): 011-2381058
අනවශ්‍ය ලෙස බියට පත්වීමෙන් තොරව, බුද්ධිමත්ව සහ අවධානයෙන් කටයුතු කිරීමෙන් මෙවැනි සූක්ෂ්ම මූල්‍ය වංචාකරුවන්ගෙන් ඔබගේ මහන්සිී මුදල් ආරක්ෂා කරගත හැකි බව පොලිසිය වැඩිදුරටත් මතක් කර සිටියි.
0%
0%
0%
0%
Comments