ads
Travel

Agoda නිර්දේශිත ආසියාවේ සංචාරයට සුදුසුම ගමනාන්ත

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
සංචාරය කරන්න බොහෝ දෙනා කැමති. එය ඒ ඒ රටවල සංස්කෘතිය, සොබාදහම සහ මිනිසුන් සමඟ බැඳෙන අලුත්ම අත්දැකීමක්. 2026 වසරේ ඔබ ආසියාවේ සංචාරය කිරීමට බලාපොරොත්තු වෙනවා නම්, ඔබේ සැලසුම් පහසු කරවන්න ලොව ප්‍රමුඛතම ඩිජිටල් සංචාරක වේදිකාවක් වන Agoda ආයතනය අපූරු මාසික මාර්ගෝපදේශයක් ඉදිරිපත් කර තිබෙනවා.

එහි විශේෂත්වය වෙන්නේ, එළඹෙන 2026 වසරේ මැයි මාසයේ ආසියාවේ සංචාරය කිරීමට සුදුසුම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාවේ කොළඹ නගරය නම් කර තිබීමයි.

කොළඹට මැයි මාසයේදී විශේෂ තැනක්

your image

මැයි මාසය කියන්නේ ශ්‍රී ලංකාවට වෙසක් අසිරිය රැගෙන එන කාලයයි. Agoda පෙන්වා දෙන්නේ මේ කාලයේදී කොළඹ නගරය පුරා දැකිය හැකි විචිත්‍රවත් වෙසක් කූඩු සංදර්ශන, තොරණ, දන්සැල් සහ පෙරහැර අසිරිය විදේශීය සංචාරකයින්ට මෙරට බෞද්ධ සම්ප්‍රදායන් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දෙන බවයි.

2026 වසරේ මාසෙන් මාසයට ඔබ යා යුතුම තැන්:


ජනවාරි – හම්පි, ඉන්දියාව

ඉතිහාසයට ලැදි අයට ජනවාරි මාසය වෙන්වෙන්නේ හම්පි නගරයටයි. අධික රශ්මියක් නොමැති සුවදායී කාලගුණය යටතේ මෙහි ඇති පැරණි යුනෙස්කෝ උරුමයන් නැරඹීමට මෙය කදිම අවස්ථාවක්.

පෙබරවාරි – ටකායාමා, ජපානය

හිමෙන් වැසුණු සාම්ප්‍රදායික ජපන් නිවාස සහ නිස්කලංක වටපිටාවක අසිරිය විඳින්න පෙබරවාරි මාසයේදී ටකායාමා වෙත යන්න ඔබට පුළුවන්.

මාර්තු – ඩියන් බියන් ෆු, වියට්නාමය


සුදු පැහැති 'බෑන්' (Ban) මල්වලින් මුළු පරිසරයම හැඩවන මාර්තු මාසය, වියට්නාමයේ සංස්කෘතික අසිරිය විඳින්න හොඳම කාලයයි.

අප්‍රේල් – ටයිටන්ග්, තායිවානය


අහස පුරා පාවෙන වර්ණවත් බැලූන (Balloon Festival) නැරඹීමට සහ තායිවානයේ වෙරළබඩ අසිරිය විඳින්න අප්‍රේල් මාසය වෙන් කරගන්න.

ජූනි – හැංෂෝ, චීනය

ජූනි මාසයේදී චීනයේ පැවැත්වෙන 'ඩ්‍රැගන් බෝට්ටු සංදර්ශන' (Dragon Boat Festival) සහ රසවත් සාම්ප්‍රදායික ආහාර අත්දැකීමක් ලබාගන්න හැංෂෝ නගරය කදිමයි.

ජූලි – බොරියොං, දකුණු කොරියාව

විනෝදය සොයන අයට ජූලි මාසයේදී දකුණු කොරියාවේ 'Mud Festival' සඳහා සහභාගී විය හැකියි. වෙරළ තීරයක මඩ සමඟ සෙල්ලම් කරමින් ලබන ඒ අත්දැකීම ඇත්තටම වෙනස්ම එකක්.

අගෝස්තු – ඊපෝ (Ipoh), මැලේසියාව


ලෝක ප්‍රකට වීදි චිත්‍ර, ලෙන් විහාර සහ රසවත් කෑම වර්ග සඳහා අගෝස්තු මාසයේදී මැලේසියාවේ ඊපෝ නගරය සංචාරකයින්ගේ පාරාදීසයක් බවට පත්වෙනවා.

සැප්තැම්බර් – ලුආං ප්‍රබැන්ග්, ලාඕසය


වැසි සමය නිමවී ගලායන දිය ඇලි සහ නිල්වන් කඳු පන්ති අතර නිස්කලංකව සැරිසරන්න සැප්තැම්බර් මාසය වඩාත් සුදුසුයි.

ඔක්තෝබර් – චියැං මායි, තායිලන්තය


දස දහස් ගණනින් අහසට මුදාහරින පහන් කූඩුවලින් අහස ආලෝකවත් වන 'යී පෙන්ග්' (Yi Peng) උත්සවය නැරඹීමට නම් ඔබ ඔක්තෝබර් මාසයේදී තායිලන්තයේ චියැං මායි වෙත යා යුතුමයි.

නොවැම්බර් – ජයිපූර්, ඉන්දියාව


ඉන්දියාවේ දීපවාලි උත්සවයේ අසිරිය විඳින්න නොවැම්බර් මාසයේදී 'රෝස පැහැති නගරය' හෙවත් ජයිපූර් වෙත පියමනින්න. මුළු නගරයම පහන් එළියෙන් බැබළෙන අයුරු ඔබව මවිතයට පත් කරාවි.

දෙසැම්බර් – කෝ ලන්ටා, තායිලන්තය

your image

වසරේ අවසානය නිදහසේ ගත කරන්න අවශ්‍ය අයට තායිලන්තයේ කෝ ලන්ටා දූපත් සමූහය කදිමයි. පැහැදිලි මුහුදු රළ සහ ලස්සන හිරු බැසයාම සමඟින් ඔබේ 2026 වසර සාමකාමීව අවසන් කරන්න මෙහිදී අවස්ථාව ලැබෙනවා.

Agoda හි ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇන්ඩෲ ස්මිත් පවසන පරිදි, සංචාරයක් ප්ලෑන් කරන විට "කොහේ යන්නද?" යන ප්‍රශ්නයට වඩා "කවදාද යන්න ඕනේ?" යන්න වැදගත්. නියම වෙලාවට නියම තැනට යාමෙන් ඔබට ඒ රටේ සංස්කෘතිය සහ වටපිටාව උපරිමයෙන් විඳින්න පුළුවන්. ඉතින්, දැන්ම ඔබේ ප්‍රියතම ගමනාන්තය තෝරාගෙන සැලසුම් කිරීම ආරම්භ කරන්න.

0%
0%
0%
0%
Comments