ads
Food

කොළඹ වරාය නගරයේ විවෘත වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම "Food Harbour" අවන්හල

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
කොළඹ නගරයේ කාර්යබහුල ජීවිතයෙන් මිදී, මුහුදු හුළඟත් සමඟ නිදහසේ රසවත් ආහාර වේලක අත්දැකීම විඳගන්න දැන් ඔබටත් අවස්ථාව උදා වී තිබෙනවා.

your image

කොළඹ වරාය නගරයේ නවතම ජීවන විලාසිතාව සහ ආහාර ගමනාන්තය වන 'The Food Harbour' නිල වශයෙන් විවෘත කිරීමේ සමාරම්භක උත්සවය ඊයේ දින ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා. 

මෙය කොළඹ වරාය නගරයේ විවෘත වූ මෙරට ප්‍රථම "Food Harbour" අවන්හල ලෙස ඉතිහාසයට එක්වනවා.

your image

ශ්‍රී ලංකාවේ වේගයෙන් දියුණු වන නාගරික ජීවන විලාසිතාවේ සහ සංචාරක ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙම ‘The Food Harbour’ හඳුන්වා දිය හැකියි. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් මෙරට පළමු එළිමහන් ආහාර සහ පාන ගමනාන්තය ලෙස මෙය නිර්මාණය කර ඇති අතර, ලොව පුරා විහිදුණු විවිධ රසයන් සහ දේශීය ප්‍රණීත ආහාර රැසක් එකම වහලක් යටදී අත්විඳීමට මෙහිදී අවස්ථාව හිමිවෙනවා. 

your image

එය ඔබේ සැඳෑව වඩාත් වර්ණවත් කරන සොඳුරු විවේකස්ථානයක් ද වනු නොඅනුමානයි. ජාත්‍යන්තර සහ ශ්‍රී ලාංකික ප්‍රමුඛ පෙළේ වෙළඳ සන්නාම රැසක එකතුවෙන් හැඩවන ‘The Food Harbour’, අවන්හල මෙරට ආර්ථිකයට ද විශාල ශක්තියක් ලබා දෙයි. 

නව රැකියා අවස්ථා නිර්මාණය කිරීම, දේශීය ව්‍යවසායකයින්ට නව මාවතක් විවර කිරීම සහ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නව මානයකට ඔසවා තැබීම මෙහි ප්‍රධාන අරමුණක් වී තිබෙනවා.

your image

ආයෝජන, සංස්කෘතික අනන්‍යතාවය සහ මිනිසුන් අතර සබඳතා ගොඩනංවන සුවිශේෂී කේන්ද්‍රස්ථානයක් ලෙස කොළඹ වරාය නගරය ලෝකය හමුවේ තැබීමට ගෙන යන දැක්ම මෙලෙස සැබෑ වෙමින් පවතියි.

0%
0%
0%
0%
Comments