පසුගිය ජනවාරි 16 වනදා රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් ටික්ටොක් ආයතනය පවසා සිටියේ, යුරෝපය පුරා වයස හඳුනාගැනීමේ නව තාක්ෂණික පද්ධතියක් ඉදිරි සති කිහිපය තුළ ක්‍රියාත්මක කරන බවයි.
කුමක්ද මේ නව තාක්ෂණය?

ටික්ටොක් ගිණුමක් පවත්වාගෙන යාමට අවම වයස අවුරුදු 13ක් විය යුතු වුවත්, බොහෝ කුඩා දරුවන් වැරදි තොරතුරු ඇතුළත් කර ගිණුම් පවත්වාගෙන යන බව රහසක් නෙවෙයි. මෙන්න මේ ගැටලුවට විසඳුමක් ලෙස තමයි මෙම නව පද්ධතිය හඳුන්වා දෙන්නේ.
මෙම පද්ධතිය මගින්:
විශේෂම දේ තමයි, යම් ගිණුමක් වයස අවුරුදු 13ට අඩු අයෙකුගේ බවට සැක සිතුණහොත් එය එකවරම 'Ban' කරන්නේ නැහැ. ඒ වෙනුවට විශේෂිත මෝඩරේටර්වරුන් කණ්ඩායමක් විසින් එම ගිණුම නැවත පරීක්ෂා කර තීරණයක් ගනු ලබනවා.
ඇයි මේ හදිසි තීරණය?

මේ දිනවල යුරෝපා රටවල් සමාජ මාධ්‍ය නියාමනය කිරීමට දැඩි නීති රීති පනවමින් සිටිනවා.
ඕස්ට්‍රේලියාව: වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට පියවර ගෙන ඇත.
ඩෙන්මාර්කය: අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමට සූදානම් වෙයි.
බ්‍රිතාන්‍යය: දැනටමත් සිදුකළ අත්හදා බැලීම් හරහා වයස අවුරුදු 13ට අඩු දරුවන්ගේ ගිණුම් දහස් ගණනක් ඉවත් කර තිබේ.
ඔබේ පුද්ගලිකත්වය ආරක්ෂිතද?

වයස තහවුරු කිරීමේදී පුද්ගලික දත්තවල ආරක්ෂාව (Privacy) ගැන බොහෝ දෙනෙක් බය වෙනවා. ටික්ටොක් සමාගම පවසන්නේ ඔවුන් මේ සඳහා Yoti නම් සුප්‍රසිද්ධ සේවාව භාවිතා කරන බවයි. මෙහිදී මුහුණේ ලක්ෂණ අනුව වයස තක්සේරු කිරීම (Facial-age estimation), ක්‍රෙඩිට් කාඩ් පරීක්ෂා කිරීම් හෝ රජයේ හැඳුනුම්පත් භාවිතා කරමින් අභියාචනා ඉදිරිපත් කිරීමට පරිශීලකයින්ට අවස්ථාව ලැබෙනවා.
දැනට මෙම තාක්ෂණය යුරෝපය ඉලක්ක කරගෙන ආරම්භ කළත්, ඉදිරියේදී මෙය ලෝකය පුරා ව්‍යාප්ත වීමට වැඩි ඉඩක් තිබෙනවා.