
ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිවරිය අගමැතිනිය හමුවෙයි
ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිවරිය අගමැතිනිය හමුවෙයි

Aruna Shantha
22-Dec-2024 10:03:57
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති ගරු May-Elin Stener මහත්මිය අතර හමුවක් පසුගියදා(20) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.
දිළිඳුකම පිටුදැකීම, සමාජ ආරක්ෂණ පියවරයන්, බදු ප්‍රතිසංස්කරණ, පුනර්ජනනීය බලශක්තිය සහ රැකියා උත්පාදනය ඇතුළු ප්‍රධාන මාතෘකා සමඟින් දෙරට අතර සහයෝගිතාවය වර්ධනය කිරීම පිළිබඳවද මෙම හමුවේදී සාකච්ඡාවට ගැනිණ.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සංශෝධනය කිරීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, වඩා ඵලදායී සහ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සඳහා පාලන ක්‍රමය ඩිජිටල්කරණය කිරීමේ ආණ්ඩුවේ අඛණ්ඩ උත්සාහය පිළිබඳවද අවධාරණය කළාය.
මෙම හමුවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි , අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපයේ සහ උතුරු ඇමරිකානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ශෝබිනි ගුණසේකර යන මහත්ම මහත්මීන්, නෝර්වේජියානු තානාපති කාර්යාලයේ සහ ශ්‍රී ලංකා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
0%
0%
0%
0%
Comments