ads
Entertainment

‘සූර්යා’ චිත්‍රපටය සාර්ථක දින 50 පසු කරයි

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
මහේෂ් මුණසිංහ අධ්‍යක්ෂණය කළ ‘සුර්යා’ සිංහල චිත්‍රපටය සාර්ථකව දින 50ක් පසු කිරීමට සමත් වී තිබෙනවා. ජූලි 12 වනදා සිට තිරගත කිරීම් ආරම්භ කළ මෙම චිත්‍රපටය, නරඹන්නන් අතර ඉහළ ජනප්‍රියත්වයක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

මෙම සුවිශේෂී අවස්ථාව සැමරීම වෙනුවෙන් පසුගියදා හැව්ලොක් සිටි සංකීර්ණයේ පිහිටි ස්කෝප් සිනමා ශාලාවේදී ‘සූර්යා දින 50’ සැමරුම් උත්සවයක් පැවැත්වුණා. චිත්‍රපටයේ නළු නිළියන්, නිෂ්පාදක කණ්ඩායම ඇතුළු කලා ක්ෂේත්‍රයේ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ජනිත් වික්‍රමගේ සහ නිහාරි පෙරේරා ප්‍රධාන චරිත නිරූපණය කරන ‘සූර්යා’ චිත්‍රපටය සඳහා සනත් ගුණතිලක, මයික් ප්‍රනාන්දු, දිල්හානි ඒකනායක, සුදීක්ෂා සමාධි, සංගීත් ප්‍රභූ, අජිත් වීරසිංහ, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි වැනි ජනප්‍රිය සහ ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වී තිබෙනවා.

‘සූර්යා’ චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ ජනප්‍රිය උපකාරක පංති දේශක දිනේෂ් මුතුගල විසින්. ඔහු මෙම චිත්‍රපටයේ චරිතයකට රංගනයෙන් දායක වීමද විශේෂත්වයක්.

සැමරුම් උත්සවයේ විශේෂ අවස්ථා කිහිපයක් පහතින්

your image

your image

your image

your image

your image

your image

your image

0%
0%
0%
0%
Comments