
ඔබේ දරුවාගේ සෞඛ්‍ය චර්යා රටා පිළිබඳ ඔබ දැනුවත්ද?
නිවැරදි ආහාර රටාවක් අනුගමනය කිරීම
දරුවෙකුගේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට පදනම සපයන්නේ නිවැරදි ආහාර රටාවයි. දරුවන්ගේ ශරීරය සහ මොළය වර්ධනය වීමට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලැබෙන්නේ සමබර ආහාර වේලකින්. අද වන විට දරුවන් වැඩි වශයෙන් ක්ෂණික ආහාර (fast food), රසකැවිලි, සීනි අධික බීම වර්ග සහ පැණිරස ආහාර වලට ඇබ්බැහි වී සිටිනවා. මේවායින් ශරීරයට කිසිදු පෝෂණයක් ලැබෙන්නේ නැති අතර, එය අධික බර, දියවැඩියාව, දත් දිරායාම සහ තවත් බෝ නොවන රෝග ගණනාවකට හේතු විය හැකියි.
- ඔවුන්ගේ දෛනික ආහාර වේලට නැවුම් පලතුරු, එළවළු, ධාන්‍ය වර්ග (සම්පූර්ණ පාන්, රතු සහල්), ප්‍රෝටීන් අඩංගු ආහාර (මාළු, බිත්තර, රනිල කුලයේ බෝග) සහ කිරි නිෂ්පාදන එකතු කරන්න.
- පුළුවන් හැම වෙලාවකම පවුලේ හැමෝම එකට කෑම කන්න පුරුදු වෙන්න. එය දරුවාට හොඳ ආදර්ශයක් වන අතර, කෑම වේල විනෝදජනක අත්දැකීමක් බවට පත් කරනවා.
- දරුවාට දවසට ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීමට පුරුදු කරන්න. සීනි අධික පාන වර්ග වෙනුවට වතුර හෝ නැවුම් පලතුරු යුෂ ලබා දෙන්න.
සාමාන්‍යයෙන් ලෝක සෞඛ්‍යය සංවිධානයට අනුව වයස අවුරුදු 1ත් 5ත් අතර දරුවකු දිනකට ජලය මිලි ලීටර් 750 ත් ලීටර්1ත් අතර ප්‍රමාණයක්. වයස අවුරුදු 6ත් 10ත් දරුවෙක් ලීටර් 1ත් ලීටර් 1.5ත් අතර ප්‍රමාණයක් ගත යුතුයි. වයස අවුරුදු 11ත් 18ත් දරුවකු ජලය මිලීලීටර් 1.5ත් 2ත් අතර ප්‍රමාණයක් ගත යුතුවේ.
ක්‍රියාශීලී ජීවන රටාවක් සහ ව්‍යායාම
අද ලෝකයේ දරුවන් එළිමහන් ක්‍රීඩා වෙනුවට ජංගම දුරකථන, පරිගණක සහ රූපවාහිනිය ඉදිරිපිට වැඩි කාලයක් ගත කරනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් ශාරීරිකව අක්‍රීය වී යන අතර, එය ඔවුන්ගේ මානසික සෞඛ්‍යයටත් අහිතකර ලෙස බලපානවා. ක්‍රියාශීලී ජීවිතයක් ගත කිරීමෙන් දරුවෙකුගේ ශරීරය ශක්තිමත් වනවා පමණක් නොව, ඔවුන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වයද වර්ධනය වෙනවා.
දිනපතාම එළිමහන් ක්‍රීඩා සඳහා දරුවාට අවස්ථාව සලසා දෙන්න. පාපන්දු, ක්‍රිකට්, බැඩ්මින්ටන් හෝ බයිසිකල් පැදීම වැනි ක්‍රියාකාරකම් සඳහා ඔවුන්ව දිරිමත් කරන්න.
තිරය දෙස බලා සිටින කාලය (Screen Time) සීමා කිරීම: දවසට දරුවෙකු තිරයක් දෙස බලා සිටිය යුතු උපරිම කාලය වයස අනුව වෙනස් වෙනවා.
සති අන්තයේ පවුලක් ලෙස ඇවිදින්න යන්න, උද්‍යානයක සෙල්ලම් කරන්න, හෝ එකට පිහිනන්න පුරුදු වෙන්න. මේවා දරුවාට ක්‍රියාශීලී බව උගන්වන අතරම, පවුලේ බැඳීම් ශක්තිමත් කිරීමටත් උපකාරී වෙනවා.
ප්‍රමාණවත් නින්ද සහ විවේකය
දරුවෙකුගේ වර්ධනයට සහ මනස සැහැල්ලුවෙන් තබා ගැනීමට හොඳ නින්දක් අත්‍යවශ්‍යයි. ප්‍රමාණවත් නින්දක් නොලැබෙන දරුවන්ට පාසලේදී අවධානය යොමු කිරීම අපහසු වන අතර, ඔවුන්ගේ මතකය සහ ඉගෙනීමේ හැකියාවද දුර්වල විය හැකියි.
දරුවාට නියමිත වෙලාවට නිදා ගැනීමට සහ අවදි වීමට පුරුදු කරන්න. සති අන්තයේ වුණත් මේ කාලසටහනට පුළුවන් තරම් අනුගත වෙන්න.
නින්දට යන වේලාවට පෙර කාමරයේ විදුලි ආලෝකය අඩු කරන්න, ශබ්දයෙන් තොර නිස්කලංක පරිසරයක් හදන්න. ජංගම දුරකථන සහ පරිගණක තිර නින්දට පෙර භාවිතා නොකරන්න.
පිරිසිදුකම පිළිබඳ පුරුදු
පුංචි කාලේ ඉඳලම පෞද්ගලික පිරිසිදුකම ගැන පුරුදු පුහුණු කිරීම ඔවුන්ගේ නිරෝගී ජීවිතයකට තදින්ම බලපානවා.
මානසික සෞඛ්‍යය පිළිබඳ අවධානය
දරුවාගේ ශාරීරික සෞඛ්‍යය වගේම මානසික සෞඛ්‍යයත් ගොඩක් වැදගත්.
දරුවාට තමන්ගේ හැඟීම් සහ අදහස් ඔබත් එක්ක නිදහසේ බෙදාගන්න පුළුවන් පරිසරයක් හදන්න. ඔවුන් මොනවා හරි ප්‍රශ්නයක් ගැන කියනකොට හොඳින් සවන් දෙන්න. ඔවුන්ගේ හැඟීම් පිළිගන්න.
දරුවෙකුගේ සෞඛ්‍ය සම්පන්න පුරුදු ගොඩනැගීමට දෙමාපියන් විදිහට අපේ වගකීම ගොඩක් වැඩියි. අපි ඔවුන්ට කියා දෙන දේවල් වලට වඩා අපි ආදර්ශයෙන් පෙන්වන දේවල් තමයි ඔවුන්ගේ මනසට වැඩිපුරම කාවදින්නේ. ඒ නිසා මේ හැමදේම අපිත් පුරුදු වෙලා දරුවාට හොඳ ආදර්ශයක් වෙන්න ඕනේ. ඒ වගේම, පුංචි කාලේ ඉඳලාම හොඳ පුරුදු පුහුණු කළොත් අනාගතයේදී ඔවුන් නිරෝගී, සාර්ථක පුද්ගලයන් බවට පත්වෙනවාට සැකයක් නැහැ.
ඔබේ දරුවාගේ හොඳම මිතුරා වෙන්න. ඔවුන්ගේ සෞඛ්‍ය පුරුදු ගැන නිතරම දැනුවත් වෙන්න. එය ඔවුන්ගේ ජීවිතයට කරන ලොකුම ආයෝජනයක්.