
අහස් කුස බබළවන රක්ත වර්ණ චන්ද්‍රයා
මෙය සම්පූර්ණ චන්ද්‍රග්‍රහණයක්. සූර්යයා සහ සඳ අතරට පෘථිවිය පැමිණි විට, සූර්යාලෝකය කෙළින්ම සඳ වෙතට වැටීම අවහිර වෙනවා. නමුත්, පෘථිවි වායුගෝලය හරහා පෙරී යන හිරු එළියෙන් රතු පැහැති ආලෝකය පමණක් සඳ වෙතට ගමන් කරනවා. අපිට අහස උදේටයි, හවස්වරුටයි රතු පැහැයෙන් පෙනෙන්නේත් මේ හේතුව නිසාමයි. මේ ආකාරයට රතු පැහැති ආලෝකය සඳ මතට වැටීම නිසා, අපිට සඳ රතු පැහැයකින් දර්ශනය වෙනවා.
පූර්ණ චන්ද්‍රග්‍රහණයක් (හඳ සම්පූර්ණයෙන්ම පෘථිවි සෙවණැල්ලෙන් වැසී රතු පැහැ ගැන්වීම). සඳ සම්පූර්ණයෙන් රතු පැහැ ගැන්වෙන කාලය විනාඩි 82ක් පමණ වෙනවා.
ශ්‍රී ලංකාව ඇතුළු ආසියාව, ඕස්ට්‍රේලියාව, යුරෝපය සහ අප්‍රිකාව යන කලාපවලට මෙය ඉතා පැහැදිලිව දැකගන්න පුළුවන්. මේ අපූරු දසුන නැරඹීමට ඔබට කිසිම විශේෂ උපකරණයක් අවශ්‍ය වෙන්නේ නැහැ.
නාගරික ආලෝකයෙන් සහ ගොඩනැගිලි වලින් තොර, අහස හොඳින් පෙනෙන ස්ථානයකට යන්න. පැහැදිලි අහසක් යටදී මේ අපූරු දසුන පියවි ඇසින්ම නැරඹීමට අවස්ථාව ලැබෙනවා.
ඔබ මෙම දර්ශනය නැරඹීමට සූදානම් නම්, ඒ ගැන අන් අය සමඟත් බෙදාගන්න.