ads
Food

ඔලිවියා කොල්මන්ගේ හදවත දිනාගත් ශ්‍රී ලාංකික රස

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ලොව පුරා රසවත් ආහාර පාන සොයා යන රසකාමීන්ට ශ්‍රී ලංකාව කියන්නේ නොවරදින තෝතැන්නක්. අපේ රටේ ආහාර වලට තියෙන මේ පිළිගැනීම තවත් තහවුරු කරමින්, සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය නිළි ඔලිවියා කොල්මන් පවසන්නේ ඇය මෙතෙක් ආහාරයට ගත් හොඳම ආහාරය ශ්‍රී ලංකාවේදී ලැබුණු බවයි.

ඇය මේ බව හෙළි කළේ බ්‍රිතාන්‍ය නළු බෙනඩික්ට් කම්බර්බැච් සමඟ ඔවුන්ගේ නව චිත්‍රපටයක් වන 'ද රෝසස්' සඳහා කළ සම්මුඛ සාකච්ඡාවකදී. ලෝකයේ ඇගේ ප්‍රියතම ආහාර නගරය ගැන ඇසූ විට, ඇගේ ක්ෂණික පිළිතුර වූයේ ශ්‍රී ලාංකික ආහාර බවයි.

"ජීවිත කාලය පුරාම ලැබිය හැකි ආකාරයේ නිවාඩුවක් ගත කිරීමට මම පවුලේ අය සමඟ ශ්‍රී ලංකාවට ගියා. එහෙ තමයි හොඳම ආහාර තිබුණේ," ඇය පැවසුවා. ඇගේ අදහසට සවන් දුන් නළු කම්බර්බැච් පවා "වාව්" කියා පුදුමය පළ කළා.

ඔලිවියා කොල්මන් වැනි ප්‍රසිද්ධ පුද්ගලයෙක් අපේ රටේ ආහාර වලට මෙතරම් ප්‍රශංසාවක් ලබා දීම ශ්‍රී ලාංකිකයන්ට මහත් අභිමානයක්. අපේ සාම්ප්‍රදායික ආහාර, විදේශීය අමුත්තන් පවා මෙතරම් ඇගයීමකට ලක්වීම, අපගේ ආහාර සංස්කෘතියේ පොහොසත්කම සහ ගුණාත්මක බව නැවත වරක් තහවුරු කරනවා.

0%
0%
0%
0%
Comments