ads
Entertainment

"Ceylon Artists Council" සම්මාන උලෙළ

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
විවිධ කලා ක්ෂේත්‍ර නියෝජනය කරමින් මෙරට කලාකරුවන් ඇගයීම සඳහා Ceylon Artists Council විසින් සංවිධානය කරන ලද ප්‍රථම සම්මාන උළෙල පසුගියදා කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශ්‍රවණාගාරයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.

මෙරට ප්‍රවීණ කලා ශිල්පීන් රැසක් මෙම උළෙලට සහභාගී වූ අතර, එය ශ්‍රී ලාංකේය කලා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් විය.

කලා ක්ෂේත්‍රයට අනුපමේය සේවයක් කළ ප්‍රවීණ කලා ශිල්පීන් රැසක් මෙහිදී ඇගයීමට ලක් වූණා. ඒ අතර, ආචාර්ය මාලිනී ෆොන්සේකා, ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය, අයිරාංගණි සේරසිංහ, සිරිල් වික්‍රමගේ, ආචාර්ය වික්ටර් රත්නායක, ලතා වල්පොල, ආචාර්ය ධර්මසිරි බණ්ඩාරනායක, අනුලා කරුණාතිලක, ආතර් යූ. අමරසේන, සිරි කහවල, සූරිය කුමාර මුත්තලගේ, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, ආචාර්ය රෝහණ බැද්දගේ, සේන සමරසිංහ, ටී.එම්. ජයරත්න, මැණිකේ අත්තනායක, ප්‍රියංකර පෙරේරා, එම්.ඩී. මහින්ද පාල, අමුණුගම වෛද්‍යවති රාජපක්ෂ, එස්. කලාවතී, හෙක්ටර් කුමාරසිරි සහ නීල් අලස් යන කලාකරුවන්ට සම්මාන සහ මුදල් ත්‍යාග පිරිනැමිණි.

0%
0%
0%
0%
Comments