ශ්‍රී ලංකාවේ අලින්ගේ තේජස ලොවට විදහා දක්වන විශිෂ්ට ඡායාරූප ප්‍රදර්ශනයක් කොළඹ හැව්ලොක් සිටි හිදී පැවැත්වෙනවා. මෙම "Majestic Ceylon Elephant" ඡායාරූප තරඟය සහ ප්‍රදර්ශනය, අපේ රටේ අලි ඇතුන් මුහුණ දෙන අභියෝග පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පැවැත්වෙනවා.

your image

මෙම ප්‍රදර්ශනය සැප්තැම්බර් 11 දක්වා පැවැත්වෙනවා. ඇතුලත් වීම නොමිලේ..මෙම ප්‍රදර්ශනය අප රටේ විශිෂ්ටතම ඡායාරූප ශිල්පීන්ගේ කැමරා කාචයට හසු වූ සුවිශේෂී ඡායාරූප රැසකින් සමන්විතයි. ඒ අතරින්, ලංකාවේ අලින්ගේ අලංකාරය, ඔවුන්ගේ ස්වාභාවික වාසස්ථාන, සහ ඔවුන්ගේ හැසිරීම් රටා මනාව නිරූපණය කරන ඡායාරූප රැසක් මෙහිදී දැකගත හැකියි.

මේ මගින්, අලින්ගේ සංස්කෘතික සහ පාරිසරික වැදගත්කම පිළිබඳව පුළුල් දැනුමක් ලබා දීම මෙහි අරමුණයි.

your image

නමුත් මේ ප්‍රදර්ශනයේ සුවිශේෂීම අරමුණ වන්නේ, ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පාරිසරික ගැටලුවක් වන අලි මිනිස් ගැටුම පිළිබඳව අවධානය යොමු කිරීමයි. වර්තමානයේ ලංකාවේ සෑම වසරකම අලි ඇතුන් විශාල ප්‍රමාණයක් මිය යන අතර, ගම්වාසී ජනතාවට ද බරපතළ හානි සිදුවෙනවා. 

මෙම තත්ත්වය අවම කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ අවශ්‍යතාව මෙම ප්‍රදර්ශනය මගින් ඉස්මතු කරනවා.

your image

මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ඔබට, අලි ඇතුන්ගේ සුන්දරත්වය අත්විඳීමට මෙන්ම, ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා අප සැමගේ දායකත්වය කෙතරම් වැදගත් ද යන්න අවබෝධ කර ගැනීමටත් අවස්ථාව ලැබෙනවා.

your image

ඔබත්, අලින්ට ආදරය කරන කෙනෙක් නම් හෝ ශ්‍රී ලංකාවේ පරිසරය ගැන උනන්දුවක් දක්වන්නේ නම්, ප්‍රදර්ශයේ අවසන් දිනය වන හෙට 11 දින හැව්ලොක් සිටි හිදී පැවැත්වෙන මෙම "Majestic Ceylon Elephant" ඡායාරූප ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන්න.