
Netflix හි එතෙක් මෙතෙක් වැඩිම පිරිසක් නැරඹූ චිත්‍රපටය
Nayananjali
02-Sep-2025 17:59:14
Netflix හි වැඩිම පිරිසක් නැරඹූ චිත්‍රපට අතරට අලුතෙන්ම එකතු වූ සජීවිකරණ සංගීතමය චිත්‍රපටයක් තමයි K-Pop: Demon Hunters. නිකුත් වී පළමු මාස දෙක ඇතුළත මිලියන 236කට අධික නැරඹුම් වාර ගණනක් ලබා ගනිමින් මෙම චිත්‍රපටය වාර්තා පොත් අලුත් කර තිබෙනවා.
මෙම සජීවිකරණ චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ HUNTR/X නම් ප්‍රබන්ධ K-Pop ගර්ල් සංගීත කණ්ඩායම වටායි. මෙහි සිටින සාමාජිකාවන් තිදෙනා ඔවුන්ගේ සංගීත හැකියාවන් සහ සටන් කුසලතා යොදා ගනිමින් මිනිසුන් යක්ෂයන්ගෙන් ආරක්ෂා කිරීමට දරන උත්සාහය මේ චිත්‍රපටයට තවත් විශේෂත්වයක් එක් කරනවා.
සාම්ප්‍රදායික හා නවීන කොරියානු සංස්කෘතියේ අපූරු සංකලනයක් මේ චිත්‍රපටය තුළ දැකිය හැකි වීම බොහෝ දෙනාගේ පැසසුමට ලක්ව තිබෙනවා. මෙහි ඇති ආකර්ශනීය සංගීතය, විලාසිතා, ආහාර සහ කොරියානු භාෂාවේ සුන්දරත්වය නිසා චිත්‍රපටය රස විඳීමට තවත් බොහෝ දේ එකතු වී තිබෙනවා.
ඔබත් අලුත් අත්දැකීමක් සොයන කෙනෙක් නම්, K-Pop සංගීතයට කැමති කෙනෙක් නම්, Netflix හි ඇති මෙම චිත්‍රපටය නරඹන්න අමතක කරන්න එපා.
0%
0%
0%
0%
Comments