
"SLBC Centenary Awards" සම්මාන උළෙල අති උත්කර්ෂවත් ලෙස අවසන්
මෙහිදී, ශ්‍රී ලාංකීය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ කාන්තා නායිකාවක් වන කස්තුරි චෙල්ලරාජා මහත්මිය 2025 ශ්‍රී ලාංකීය ප්‍රකට කාන්තාව (Sri Lankan Iconic Woman 2025) ලෙස සම්මානයට පාත්‍රවීම කැපී පෙනෙන සිදුවීමක් විය. ඇය ව්‍යාපාරික ලෝකයේ ප්‍රධාන විධායක නිලධාරිනියක් ලෙස ලද විශිෂ්ටතම ජයග්‍රහණ, ඇය සතු නායකත්ව හැකියාවන්, සහ සමාජයට සිදු කළ අසමසම මෙහෙවර වෙනුවෙන් මෙම ගෞරව සම්මානය පිරිනැමිණි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමූහ ව්‍යාපාරයක ප්‍රථම කාන්තා සමූහ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස ඇයගේ දූරදර්ශී ගමන මෙම සම්මානයෙන් තවදුරටත් අගය කෙරිණි. කාන්තා සවිබල ගැන්වීම, කාර්යාල පරිසරය වඩාත් සාධාරණ හා සමාන එකක් බවට පත් කිරීම සහ අනාගත පරපුරට ආදර්ශයක් වීම සඳහා ඇය කළ සේවය මෙහිදී විශේෂයෙන් ඇගයීමට ලක් විය.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 100 වන සංවත්සරය නිමිත්තෙන් පැවති මෙම සම්මාන උළෙලට රටේ කැපී පෙනෙන නායකයින්, ව්‍යාපාරිකයින් සහ කලාකරුවන් රැසක් සහභාගී වූහ. මෙම සම්මානය කස්තුරි චෙල්ලරාජා මහත්මියගේ අඛණ්ඩ නායකත්වයට සහ දේශයට ඇය ඉටුකළ උදාර සේවයට ලැබුණු කදිම ඇගයීමක් බවට සැක නැත.
මෙම උත්සවය ශ්‍රී ලාංකීය කලා සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අනාගතයට නව බලාපොරොත්තුවක් එක් කළේය.
මෙම සම්මාන උළෙලේදී මැලිබන් සමූහ ව්‍යාපාරයේ සභාපතිනි කුමුදිකා ප්‍රනාන්දු මහත්මියද ශ්‍රී ලාංකීය ප්‍රකට කාන්තාව 2025 ලෙස සම්මානයට පාත්‍රවූ බවද වාර්තා විය. මෙම ඇගයීම් තුළින් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කාන්තාවන්ගේ කාර්යභාරය සහ ඔවුන්ගේ දායකත්වය තවදුරටත් ඉස්මතු විය.