ads
Entertainment

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල අති උත්කර්ෂවත්ව

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
67 වන රාජ්‍ය සාහිත්‍ය සම්මාන මහෝත්සවය ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද දින (සැප්තැම්බර් 08) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සාහිත්‍ය අනුමණ්ඩලය එක්ව සංවිධානය කළ මෙම උත්සවයේදී විවිධ ක්ෂේත්‍රයන් යටතේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාත්‍රයෙන්ම රචනා වූ සාහිත්‍ය කෘති 130කට වැඩි සංඛ්‍යාවක් සම්මානයට පාත්‍ර වුණා.

ජීවිතයේ එක් වතාවක් පමණක් පිරිනමන සාහිත්‍ය රත්න සම්මානය, ප්‍රවීණ කිවිවර පරාක්‍රම කොඩිතුවක්කු, සම්මානිත මහාචාර්ය ඊ.ඒ. ගාමිණී ෆොන්සේකා, සාහිත්‍යවේදී සෝමසුන්දරම්පිල්ලේ පද්මනාදන් යන අග්‍රගන්‍ය ශ්‍රී ලාංකේය සාහිත්‍යවේදීන් වෙත පිරිනැමීමද මෙහිදී සිදුවිය.

පූජනීය මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික පූජ්‍ය උතුමන්, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, අමාත්‍යංශ ලේකම් ප්‍රින්ස් සේනාධීර, සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ කේ.එස්. දිල්හානි, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති කීර්ති වැලිසරගේ, සාහිත්‍ය අනු මණ්ඩලයේ සභාපති කමල් පෙරේරා යන මහත්ම මහත්මීහු ඇතුළු සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ රැසකගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණා.

0%
0%
0%
0%
Comments