ads
Travel

2026 වසරේ ලොව හොඳම දූපත ලෙස ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානයට

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber

ලොව පුරා සංචාරකයන්ගේ සිත් දිනාගන්නා අතිසුන්දර දූපත් අතරින් 2026 වසරේ ලොව හොඳම දූපත ලෙස ශ්‍රී ලංකාව තේරී පත්වී තිබෙනවා. ගෝලීය සංචාරක වේදිකාවක් වන ‘Big 7 Travel’ විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන ‘ලොව හොඳම දූපත් 50’ ලැයිස්තුවේ ඉහළම ස්ථානය දිනාගැනීමට මෙරට සමත්ව තිබීම සැබැවින්ම ආඩම්බර විය හැකි කරුණක්.

හත්වන වරටත් සංවිධානය කෙරෙන මෙම ශ්‍රේණිගත කිරීම සඳහා මාධ්‍ය ආවරණය, සමාජ මාධ්‍ය තුළ පවතින ජනප්‍රියතාවය සහ නැගී එන සංචාරක ප්‍රවණතා වැනි කරුණු රැසක් පදනම් කරගෙන තිබෙනවා.

අපේ රටේ සුන්දරත්වය ලොවම දිනයි


ප්‍රමුඛ පෙළේ අන්තර්ජාතික සංචාරක ගමනාන්ත රැසක් පසුපසට දමමින් ශ්‍රී ලංකාව මෙම පෙරමුණ ලබා තිබෙන්නේ රටේ පවතින සුවිශේෂී භූගෝලීය හා සංස්කෘතික සාධක නිසාවෙන්. 

සැතපුම් 833ක් පුරා විහිදී ගිය සුන්දර වෙරළ තීරය, මීදුමෙන් වැසුණු සිසිල් මධ්‍යම කඳුකරය සහ සශ්‍රීක තේ වතු යන මේ සියල්ල සංචාරකයන්ගේ නොමඳ ආකර්ෂණය දිනාගෙන තිබෙනවා. එසේම අපේ පොහොසත් සංස්කෘතික උරුමය සහ මෙරට තුළ දැකිය හැකි ඉහළ මට්ටමේ ජෛව විවිධත්වය ද මෙම ඉහළ ශ්‍රේණිගත කිරීම සඳහා ප්‍රබල ලෙස බලපා තිබෙනවා.

යාල සහ සීගිරියේ ආකර්ෂණය


ශ්‍රී ලංකාව මෙම කීර්තිමත් ස්ථානය ලබා ගැනීමට ප්‍රධානතම හේතු ලෙස වනජීවී සෆාරි සඳහා ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලන යාල ජාතික උද්‍යානය සහ යුනෙස්කෝ ලෝක උරුමයක් වන සීගිරිය පර්වත බලකොටුව වැනි ස්ථාන ‘Big 7 Travel’ ආයතනය විසින් පෙන්වා දී තිබෙනවා. 

අපේ රටේ සංචාරක ආකර්ෂණීය ස්ථානවල පවතින අසමසම ස්වභාවය හේතුවෙන් ඉදිරි වසර කිහිපය තුළදීත් වැඩි වැඩියෙන් විදෙස් සංචාරකයන් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කළ හැකි අතර, මෙය අපේ සංචාරක කර්මාන්තයට ලැබෙන විශාල දිරිගැන්වීමක් ලෙස හඳුන්වන්න පුළුවන්.

0%
0%
0%
0%
Comments