ads
Feature

ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් මහත් භක්තියෙන් සමරන හජ්ජි උත්සවය අදයි

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ලොව පුරා වෙසෙන මිලියන සංඛ්‍යාත ඉස්ලාම් බැතිමතුන් මහත් භක්තියෙන් හා ප්‍රීතියෙන් සමරනු ලබන හජ්ජි උත්සවය අදට යෙදී තිබෙනවා.

"ත්‍යාගවන්තභාවයේ උත්සවය" නැතහොත් "කැපකිරීමේ උත්සවය" ලෙසින් හඳුන්වන මෙම සුවිශේෂී දිනය, ආගමික වතාවත්වලට පමණක් සීමා වූවක් නොවෙයි. එය මිනිස් සිත් සතන් තුළ සහෝදරත්වය, දයාව සහ අන්‍යෝන්‍ය බැඳීම අලුත් කරන අපූරු සංස්කෘතික මංගල්‍යයක්. 

ඉස්ලාමීය දින දර්ශනයට අනුව වසරේ දෙවන ප්‍රධාන ආගමික උත්සවය වන හජ්ජි දිනයේ මූලිකම අරමුණ වෙන්නේ ඇති නැති පරතරය සහ සමාජයේ පවතින විවිධ භේද දුරලීමයි.

නබි නායකතුමන්ගේ උතුම් ඉගැන්වීම්වලට අනුව, සියලු දෙනා එකම පවුලක සාමාජිකයන් සේ සලකා සමානාත්මතාවයෙන් කටයුතු කිරීමට මෙදින මුස්ලිම් බැතිමතුන් අදිටන් කරගන්නවා. තමන් සතු දෙයින් කොටසක් අසරණ අයට පරිත්‍යාග කරමින්, හැමෝම එකට එකතු වී ආගමික වතාවත්වල නිරත වීම තුළින් සමාජයීය සමගිය ඉතා අලංකාර ලෙස ඉස්මතු කෙරෙනවා.

ශාරීරික ශක්තිය හා මූල්‍යමය හැකියාවන් ඇති සෑම මුස්ලිම්වරයෙකුම තම ජීවිත කාලය තුළ එක් වරක් හෝ ඉටු කිරීමට බැඳී සිටින දින පහක ශුද්ධ වූ වන්දනා ගමනක් පවතිනවා. එම හජ් වන්දනාවේ සාර්ථක අවසානය සනිටුහන් කරන්නේත් මේ උත්සවයෙන්. නව ඇඳුම් ආයිත්තම්වලින් සැරසී, රසවත් ආහාර පාන පිළියෙල කරමින්, වෛරයෙන් හා ක්‍රෝධයෙන් තොර ලෝකයක් වෙනුවෙන් ප්‍රාර්ථනා කරන හජ්ජි උත්සවය, මුළු මහත් සමාජයටම කියා දෙන්නේ සහජීවනයේ සහ පරිත්‍යාගශීලීත්වයේ ඇති සුන්දරත්වයයි.

0%
0%
0%
0%
Comments