ads
Lifestyle

අධික ලෙස සමාජ මාධ්‍ය භාවිතය ඔබේ මානසික සුවතාවයට තර්ජනයක්ද?

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
සමාජ මාධ්‍ය කියන්නේ අද වෙනකොට අපේ ජීවිතවලින් අයින් කරන්නම බැරි දෙයක්. හැබැයි මේ නිසා අපිට නොදැනුවත්වම සිද්ධ වෙන මානසික බලපෑම ගැන ඔබ කවදාහරි හිතලා තියෙනවාද?

විශේෂයෙන්ම බටහිර රටවල ඉන්න තරුණ පරපුර, ඒ අතරිනුත් ගැහැණු ළමයි, මේ "doom-scrolling" එහෙමත් නැත්නම් පැය ගණන් එක දිගට සමාජ මාධ්‍ය ඔස්සේ පාවෙමින් කාලය නාස්ති කිරීමේ පුරුද්ද නිසා ලොකු මානසික පීඩනයකට ලක්වෙනවා කියලා අලුත්ම පර්යේෂණවලින් හෙළි වෙලා තියෙනවා.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සුභසාධන පර්යේෂණ මධ්‍යස්ථානය (Wellbeing Research Centre) මඟින් නිකුත් කරපු ලෝක සතුට පිළිබඳ වාර්තාවට අනුව, සමාජ මාධ්‍ය අධික ලෙස භාවිත කිරීම අපේ මානසික සුවතාවයට සෘජුවම බලපානවා. දවසට පැයක් විතර යාළුවෝ එක්ක සම්බන්ධ වෙන්න සමාජ මාධ්‍ය පාවිච්චි කරන එක ප්‍රශ්නයක් නොවුණත්, ඒ ගත කරන කාලය වැඩි වෙන්න වැඩි වෙන්න අපේ සතුට සහ ජීවිතය පිළිබඳ තෘප්තිමත්භාවය වේගයෙන් අඩු වෙනවා කියලා මේ පර්යේෂකයන් පෙන්වා දෙනවා.

බටහිර ලෝකයේ තරුණ පරපුරට මොකද වුණේ?

පසුගිය දශකය ඇතුළත ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ බ්‍රිතාන්‍යය වගේ රටවල වයස අවුරුදු 25ට අඩු තරුණ තරුණියන්ගේ මානසික සුවතාවය ඉතාම දරුණු විදිහට කඩා වැටිලා තියෙනවා. පුදුමෙකට වගේ මේ කාල සීමාව කියන්නේ ලෝකය පුරාම සමාජ මාධ්‍ය ජාලා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වුණු කාලයයි. 

පර්යේෂකයන් පවසන විදිහට වර්තමාන තරුණ පරපුර පෙර පරම්පරාවල වගේ දුම්පානය, මත්ද්‍රව්‍ය භාවිතය වගේ දේවල්වලට යොමු වෙන්නේ නැති තරම්. හැබැයි ඒ වෙනුවට ඔවුන් ඇබ්බැහි වෙලා ඉන්නේ පැය ගණන් තමන්ව එක තැනක රඳවා තබා ගන්නා විදිහට නිර්මාණය කරපු සමාජ මාධ්‍ය ඇල්ගොරිතමවලටයි.

තිරය පිටුපස සැඟවුණු ඇත්ත කතාව

සමාජ මාධ්‍ය ඇතුළේ ලස්සනට හිනාවෙලා ඉන්න අන්තර්ගත නිර්මාණකරුවන්ට වුණත් මේක ඇතුළේ ලෙහෙසි ජීවිතයක් නැහැ. ජනප්‍රිය ෆිට්නස් නිර්මාණකාරිනියක් වන සිඩ්නි ග්‍රෝව්ස් පවසන්නේ ඇය තමන්ගේ ක්ෂේත්‍රයට ආදරය කළත්, එහි ඇති අඳුරු පැත්තට මුහුණ දීම ලෙහෙසි නැති බවයි. 

ඇය පවසන විදිහට, අපිට ලැබෙන ධනාත්මක ප්‍රතිචාර 100ක් හිතට දැනෙන්නේ නැති වුණත්, එකම එක සෘණාත්මක හෝ අපහාසාත්මක කමෙන්ට් එකක් හදවතට තදින්ම වැදිලා ලොකු රිදවීමක් ඇති කරන්න පුළුවන්. ඒ මානසික පීඩනය දරන්න ලොකු ඔරොත්තු දීමේ හැකියාවක් හදාගන්න වෙනවා.

දැන් මේ තාක්ෂණය අපේ ජීවිතවලට ඇතුළු වෙලා ඉවරයි, ඒක ආපස්සට හරවන්න බැහැ. අපේ මානසික සුවතාවය රැක ගැනීමේ වගකීම තියෙන්නේ අපේ අතේමයි. සමාජ මාධ්‍ය ඇතුළේ නැතිවුණු ඒ සැබෑ "සමාජශීලීකම" නැවතත් අපේ ජීවිතවලට ළඟා කර ගැනීම තමයි මේකට තියෙන එකම විසඳුම. තොරතුරු බීබීසී ඇසුරින්.

0%
0%
0%
0%
Comments