ads
Lifestyle

බර වැඩිවීම පාලනය කිරීමට නව විසඳුමක්

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
බර අඩු කරගැනීම සඳහා දැනට ලොව පුරා ජනප්‍රිය එන්නත් වර්ග භාවිත කරන බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ එම එන්නත් ලබාදීම නතර කළ පසු නැවත ශරීර බර වේගයෙන් වැඩි වීමයි. මෙයට විසඳුමක් ලෙස, බර පාලනය ස්ථාවරව පවත්වා ගත හැකි නව පෙත්තක් පිළිබඳව විදෙස් පර්යේෂකයන් තොරතුරු අනාවරණය කර තිබෙනවා.

මෙය දැනටමත් අමෙරිකා එක්සත් ජනපදයේ භාවිත වන අතර ඉදිරියේදී බ්‍රිතාන්‍යය ඇතුළු අනෙකුත් රටවලටද හඳුන්වා දීමට නියමිතයි..

පර්යේෂණ මගින් තහවුරු වූ දේ

මෙම නව ඖෂධය මගින් ශරීරයේ කුසගින්න ඇති කරන හෝමෝනයක් අනුකරණය කරමින් ආහාර රුචිය පාලනය කිරීම සිදු කරනවා. මෑතකදී සිදු කළ පරීක්ෂණයකදී හෙළි වී ඇත්තේ, වසරක් පුරා මෙම පෙත්ත ලබාගත් පුද්ගලයන් තමන් අඩු කරගත් බරෙන් 70%කට වඩා වැඩි ප්‍රමාණයක් නොවෙනස්ව පවත්වා ගැනීමට සමත් වූ බවයි. විශේෂයෙන්ම එන්නත් ලබාදීම නතර කළ පසු බර පාලනය කර ගැනීමට අපහසු අයට මෙය කදිම සහනයක් වනු ඇති බව පර්යේෂකයන් පෙන්වා දෙනවා.

එමෙන්ම මෙම නව පෙත්ත එන්නත්වලට වඩා බෙහෙවින් ලාභදායී වීමත් විශේෂත්වයක්. අමෙරිකාවේ පවතින මිල ගණන් අනුව, සාමාන්‍ය එන්නත් සඳහා මසකට වැය වන අධික මුදලට සාපේක්ෂව මෙම පෙත්ත ඉතා අඩු පිරිවැයකින් ලබාගත හැකියි. මේ නිසා මධ්‍යම පාන්තික ජනතාවටද මෙය වඩාත් සමීප විසඳුමක් වනු ඇති බව විශ්වාස කෙරෙනවා.

අතුරු ආබාධ සහ විශේෂ අවධානය 

සෑම ඖෂධයක් මෙන්ම මෙහිද සුළු අතුරු ආබාධ පවතින අතර, ඔක්කාරය, මලබද්ධය හෝ පාචනය වැනි තත්ත්වයන් කිහිපයක් වාර්තා වී තිබෙනවා. කෙසේ වෙතත්, මෙම ඖෂධය මගින් රුධිර පීඩනය, කොලෙස්ටරෝල් සහ රුධිරයේ සීනි මට්ටම යහපත් ලෙස පවත්වා ගැනීමටද උපකාරී වන බව පර්යේෂණ මගින් සනාථ වී තිබෙනවා. මේ හරහා ස්ථූලතාවය නිසා ඇති වන හෘද රෝග වැනි අවදානම්ද අවම කර ගැනීමට හැකියාව පවතිනවා.

ස්ථූලතාවය යනු වරින් වර උත්සන්න විය හැකි දීර්ඝකාලීන රෝගී තත්ත්වයක් ලෙස වෛද්‍යවරුන් හඳුන්වනවා. ඒ නිසා බර පාලනය කර ගැනීමට සමහර විට මෙම පෙත්ත දීර්ඝකාලීනව භාවිත කිරීමට පවා සිදු විය හැකි බවයි විශේෂඥයන් පවසන්නේ. තොරතුරු බීබීසී ඇසුරිනි.

0%
0%
0%
0%
Comments