මෙමගින් පරිශීලකයින්ට තම පෞද්ගලිකත්වය ආරක්ෂා කරගනිමින් කෘත්‍රිම බුද්ධි සහායක (Meta AI) සමඟ අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව සැලසේ. මෙම විශේෂාංගය මගින් සිදුවන සංවාද කිසිවක් සේවාදායකයන් තුළ සුරැකෙන්නේ නැති අතර, පණිවිඩ ස්වයංක්‍රීයව මැකී යන ලෙස සකසා තිබෙනවා.
කිසිවෙකුටත් නොපෙනෙන පුද්ගලික අවකාශයක්
මෙම නව විශේෂාංගයේ ඇති විශේෂත්වය වන්නේ මෙහි සිදුවන සියලුම කතාබහ Meta සමාගමේ 'Private Processing' තාක්ෂණය හරහා සිදුවීමයි. මෙහිදී ඔබ AI සමඟ පවත්වන සංවාද Meta සමාගමට පවා කියවීමට හෝ ගබඩා කර ගැනීමට නොහැකි වන අතර, පණිවිඩ ස්වයංක්‍රීයව මැකී යන ලෙස සකසා තිබෙනවා. "ඔබේ අදහස් සහ ප්‍රශ්න කිසිවෙකුගේ නිරීක්ෂණයට ලක් නොවී ගවේෂණය කිරීමට මින් අවස්ථාව ලැබෙනවා," යනුවෙන් Meta සමාගම සිය නිල නිවේදනයේ සඳහන් කර තිබෙනවා.
අප නිතරම අපගේ රැකියාවට අදාළ රහස්‍ය තොරතුරු හෝ පවුලේ පෞද්ගලික කරුණු ගැන AI වෙතින් උපදෙස් ලබාගන්නවා. WhatsApp ප්‍රධානී විල් කැත්කාර්ට් පවසන පරිදි, මෙවැනි තීරණාත්මක ප්‍රශ්න අසන විට එම තොරතුරු අදාළ සමාගම් සමඟ බෙදා ගැනීමට පරිශීලකයින් මැලිවීම සාධාරණයි. මේ නිසාම, Incognito Chat හරහා ඔබ අසන ප්‍රශ්න AI මාදිලි පුහුණු කිරීම සඳහා යොදා නොගන්නා බවට Meta සහතික වෙනවා. දැනට මෙම සේවාව පරාමිතියන්ට යටත්ව පෙළ (Text) සඳහා පමණක් සීමා වී ඇති අතර, රූපරාමු හුවමාරු කිරීමේ හැකියාව තවමත් ලබා දී නැහැ.
ඉදිරියට එන “Side Chat” සහ ආරක්ෂිත සීමා
Incognito Chat වලට අමතරව ඉදිරි මාස කිහිපය තුළ “Side Chat” නැමැති තවත් අපූරු විශේෂාංගයක් හඳුන්වා දීමට Meta සූදානම් වෙනවා. මෙහිදී ඔබට වෙනත් පුද්ගලයෙකු සමඟ කරන සාමාන්‍ය WhatsApp සංවාදයක් අතරතුරදීම, රහසිගතව AI සහාය ලබාගැනීමට අවස්ථාව ලැබෙනු ඇති.
එමෙන්ම, මෙම AI පද්ධතිය සදාචාරාත්මක රාමුවක් තුළ ක්‍රියාත්මක වන බැවින්, ගැටලුකාරී හෝ අහිතකර ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් වැළකී සිටීමට අවශ්‍ය ආරක්ෂිත පියවර (Safety Guardrails) ද මීට ඇතුළත් කර තිබෙනවා.