
80-90 දශකවල මෙරට පැවති තිත්ත යථාර්ථයට නව අර්ථකථනයක් සපයන මෙම නිර්මාණය, සැබෑ සිදුවීම් පදනම් කරගනිමින් නිමවා ඇත.
චමින්ද ජයසූරියගේ අධ්‍යක්ෂණයක් වන මෙම සිනමාපටය එමිකා ප්‍රඩක්ෂන් වෙනුවෙන් ශාන්ත ගීතදේව විසින් නිෂ්පාදනය කර තිබේ. සිනමාපටයේ ගුණාත්මකභාවය සහ ජීවමාන බව තහවුරු කිරීම සඳහා මෙරට සිනමාවේ දැවැන්තයින් පිරිසක් රංගනයෙන් එක්ව සිටිති. ඒ අනුව ශ්‍යාම් ප්‍රනාන්දු, සෞම්‍ය ලියනගේ, ජගත් මනුවර්ණ, දිල්හානි අශෝකමාලා, සුරාජ් මාපා, පූජන දන්දෙනිය, අංජන ප්‍රේමරත්න, සේවියර් කණිෂ්ක සහ මනෝජා ප්‍රනාන්දු ඇතුළු පිරිසක් මෙහි චරිතාංග නිරූපණයෙන් දායක වෙති.
මෑත කාලීන සිංහල සිනමාවේ සුවිශේෂී සලකුණක් තබනු ඇතැයි අපේක්ෂා කරන 'ෆාදර්' චිත්‍රපටය, අතීතයේ අප පසුකර ආ වේදනාත්මක මෙන්ම සංකීර්ණ අත්දැකීම් නැවත වරක් ප්‍රේක්ෂකාගාරය තුළ ජීවමාන කරවනු ඇත.
ෆාදර්' සිනමාපටයේ මංගල දර්ශනය දා ඡායාරූප කීපයක්..




