ads
Feature

සාමයේ කුමාරයාගේ උපත සිදුවූ අසිරිමත් නත්තල් දිනය අදයි

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ලොවට සාමයේ සහ ප්‍රේමයේ පණිවිඩය රැගෙන ආ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල ඊයේ (24) මධ්‍යම රාත්‍රියෙන් උදාවිය. ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාවේ කිතුනු බැතිමතුන් ද මහත් භක්තියෙන් හා උත්කර්ෂවත් අයුරින් මෙම වසරේ නත්තල් මංගල්‍යය සමරනු ලැබීය.

නතාලේ යන ලතින් වචනයෙන් විකාශනය වී ඇති නත්තල යන වචනයේ අරුත වන්නේ උපත යන්නයි.දේව පුත්‍රයානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මිනිසත්බව ගෙන මරියතුමියගේ මාතෘත්වයෙන් බෙත්ලෙහෙමේ දුගී ගවලෙනක උපන් ඒ අසිරිමත් රාත්‍රිය නත්තල ලෙස කිතුනුවන්ගේ ආදරයටත්, ගෞරවයටත් පාත්‍ර වී තිබෙනවා.

බෙත්ලෙහෙමේ නත්තල් සැමරීම

your image

ගාසා තීරයේ පැවති යුද ගැටුම් හේතුවෙන් 2023 වසරේ සිට වසර දෙකක කාලයක් නත්තල් සැමරීම් සිදුනොවූ ජේසු බිළිඳා උපත ලද ශුද්ධ වූ බෙත්ලෙහෙමේ ද මෙවර නත්තල උදාව අති උත්කර්ෂවත් අයුරින් සැමරීම විශේෂත්වයකි. යුද ගිනි නිවී සාමය උදාවීමේ බලාපොරොත්තුව පෙරදැරිව විශාල පිරිසක් එහි එක්ව සිටියහ.

වතිකානයේ ප්‍රධාන දේව මෙහෙය

your image

අමෙරිකානු ජාතික ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේගේ පදවිප්‍රාප්තියෙන් අනතුරුව පැවති ප්‍රථම නත්තල් දේව මෙහෙය රෝමයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේදී පැවැත්වුණි. ලොව නන්දෙසින් පැමිණි දහස් සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් මෙම ඓතිහාසික අවස්ථාවට සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ නත්තල් සැමරුම්

your image

මෙරට ප්‍රධාන නත්තල් දේව මෙහෙය කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් උස්වැටකෙයියාව ශාන්ත මරියා දේවස්ථානයේදී පැවැත්වුණි.

නත්තල් උදාවත් සමඟ දිවයින පුරා දේවස්ථානවල ආගමික වතාවත් පැවැත්වුණු අතර බැතිමතුන් සාමයෙන් හා සතුටින් නත්තල සැමරීමට එක්ව සිටිනු දක්නට ලැබුණි.

0%
0%
0%
0%
Comments