ads
Entertainment

රාජ්‍ය රූපවාහිනී සම්මාන උළෙල 2025

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
2025 රාජ්‍ය රූපවාහිනී සම්මාන ප්‍රදානෝත්සවය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පස්වරුවේ කොළඹ ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේදී අභිමානවත්ව පවත්වන ලදී.

your image

ඒ අනුව 2024 වර්ෂයේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් විකාශය වූ, අයදුම් කළ ටෙලිනාට්‍ය සහ වැඩසටහන් විනිශ්චයට භාජනය වී තිබිණි. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් විනිශ්චය මණ්ඩලයක නිරීක්ෂණයට භාජනය වූ නිර්මාණ අතරින් විශිෂ්ටතම නිර්මාණ සඳහා ඇගයීම් සහතික, කුසලතා සහතික සහ රාජ්‍ය සම්මාන ඇතුළු සම්මාන 46ක් මෙහිදී ප්‍රදානය කෙරිණි.

your image

ටෙලිනාට්‍ය අදියර ඔස්සේ හොඳම අංග රචනය, හොඳම කලා අධ්‍යක්ෂණය, හොඳම සංගීත අධ්‍යක්ෂණය, හොඳම කැමරා අධ්‍යක්ෂණය, හොඳම සංස්කරණය, හොඳම නළුවා, හොඳම තිර රචනය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම ප්‍රාසංගික ටෙලි නාට්‍ය, හොඳම නළුවා, හොඳම නිළිය ඇතුළු සම්මාන පිරිනැමුණු අතර 2024 වසරේ විකාශය වූ රූපවාහිනී වැඩසටහන් අතරින් හොඳම ගවේශනාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණය, හොඳම සජීවීකරණ නිෂ්පාදනය, හොඳම සංගීත වැඩසටහන, හොඳම වාර්තා වැඩසටහන, හොඳම බහු කැමරා නිෂ්පාදන වැඩසටහන, හොඳම ප්‍රවෘත්ති නිවේදක, හොඳම ප්‍රවෘත්ති නිවේදිකා සහ හොඳම සම්⁣ප්‍රවේශක ඇතුළු සම්මාන රැසක් පිරිනැමිණි.

your image

your image

මෙම අවස්ථාවට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ.එස්. දිල්හානි යන මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ. එසේම ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති කීර්ති වැලිසරගේ, රාජ්‍ය රූපවාහිනී අනුමණ්ඩලයේ සභාපති සුනිල් කොස්තා සහ අමාත්‍යවරයාගේ සම්බන්ධිකරණ ලේකම් ප්‍රේමරත්න තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු අනුමණ්ඩල සාමාජිකයන් සහ කලාකරුවන් විශාල පිරිසක් මෙම සම්මාන රාත්‍රියට එක්ව සිටියහ.

0%
0%
0%
0%
Comments