ads
Entertainment

රාජ්‍ය රූපවාහිනී සම්මාන රාත්‍රිය අති උත්කර්ෂවත්ව

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
පසුගිය සිව් වසරක කාලය තුළ පවත්වන්නට නොහැකි වූ රූපවාහිනී රාජ්‍ය සම්මාන ප්‍රදානෝත්සවය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.

your image

2021 සහ 2024 වසරවලට අදාළව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් විකාශය වූ ටෙලිනාට්‍ය හා වැඩසටහන් මෙන්ම 2022 සහ 2023 වසරවල විකාශය වූ රූපවාහිනී වැඩසටහන් ද මෙහිදී ඇගයීමට ලක් විය. ජූරිය විසින් තෝරාගන්නා ලද විශිෂ්ටතම නිර්මාණ වෙනුවෙන් ඇගයීම් සහතික, කුසලතා සහතික සහ සම්මාන 74 ක් මෙහිදී ප්‍රදානය කෙරිණි.

your image

මෙහිදී 2021 වසරේ ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වූ ‘තණමල්විල කොල්ලෙක්’ ටෙලිනාට්‍යය කැපී පෙනෙන ජයග්‍රහණ රැසක් අත්පත් කරගත් අතර, හොඳම ප්‍රාසංගික ටෙලිනාට්‍යය, අධ්‍යක්ෂණය, තිර රචනය සහ හොඳම නළුවා ඇතුළු සම්මාන රැසකින් එය පිදුම් ලැබීය. මීට අමතරව හොඳම අංග රචනය, කලා අධ්‍යක්ෂණය, සංගීත අධ්‍යක්ෂණය, කැමරා අධ්‍යක්ෂණය සහ සංස්කරණය යන අංශ සඳහා වූ සම්මාන ද එම ටෙලිනාට්‍යය සතු විය.

your image

your image

2024 වසරේ නිර්මාණ ඇගයීමේදී ‘එයා දැන් බැඳලා’ ටෙලිනාට්‍යය විශිෂ්ට දක්ෂතා දක්වමින් හොඳම ප්‍රාසංගික ටෙලිනාට්‍යය, හොඳම නළුවා, හොඳම නිළිය සහ හොඳම තිර රචනය ඇතුළු සම්මාන කිහිපයක් දිනා ගැනීමට සමත් විය. එමෙන්ම හොඳම ප්‍රාසංගික ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය සඳහා වූ සම සම්මානය ‘එයා දැන් බැඳලා’ ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කළ ප්‍රසන්න ජයකොඩි සහ ‘ජීවිතයේ එක් දවසක්’ ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කළ ලලිත් රත්නායක යන මහත්වරුන් අතර බෙදී ගියේය.

your image

ටෙලිනාට්‍ය අංශයට අමතරව 2021-2024 කාලසීමාව තුළ විකාශය වූ හොඳම ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණය, සජීවීකරණ නිෂ්පාදන, සංගීත වැඩසටහන් සහ වාර්තා වැඩසටහන් වෙනුවෙන් ද රාජ්‍ය සම්මාන සහ කුසලතා සහතික පිරිනැමීම සිදු විය. භාෂා ත්‍රිත්වයෙන්ම ඉදිරිපත් වූ ගුණාත්මක රූපවාහිනී නිර්මාණ ඇගයීමට ලක් කිරීම මෙහි විශේෂත්වයක් විය.

මෙම අවස්ථාව සඳහා ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර්, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ.එස්. දිල්හානි, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති කීර්ති වැලිසරගේ සහ රාජ්‍ය රූපවාහිනී අනුමණ්ඩලයේ සභාපති සුනිල් කොස්තා යන මහත්ම මහත්මීන් ඇතුළු කලාකරුවන් සහ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.

0%
0%
0%
0%
Comments