ads
Entertainment

නිහඬ මතකයන් සහ යුක්තියේ අභියෝගය පිළිබඳ සිනමා කතිකාව

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
නීතිඥ සහ ප්‍රවීණ සිනමාකරු ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්ගේ නවතම වාර්තා චිත්‍රපටය වන "32 - Return of the Torturer" ප්‍රදර්ශනය සහ ඒ පිළිබඳ සිනමා කතිකාව එළඹෙන දෙසැම්බර් 27 වන දින පස්වරු 5.00 ට තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

මෙම නිර්මාණය හුදු සිනමාපටයකින් ඔබ්බට ගිය, මෙරට නීති පද්ධතිය සහ මානව හිමිකම් පිළිබඳ සාමූහික හෘද සාක්ෂිය අවදි කරන ප්‍රබල සමාජ මැදිහත්වීමක් ලෙස හඳුනාගත හැකිය. විසාකේස චන්ද්‍රසේකරම් ලැබූ වෘත්තීය අත්දැකීම් සහ ඔහු ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ (UNSW) පර්යේෂකයෙකු ලෙස සිදුකරන ලද ශාස්ත්‍රීය ගවේෂණයන්හි සිනමාත්මක දිගුවක් ලෙස මෙම වාර්තා චිත්‍රපටය බිහිවී තිබේ.

සිනමා න්‍යායවේදීන්ගේ අර්ථකථනයන්ට අනුව වාර්තා චිත්‍රපට යනු "සැබෑ ලෝකය නිර්මාණාත්මක ලෙස හැසිරවීමකි" (Creative treatment of actuality). ලෝක සිනමාවේ ඇලන් රෙස්නේ වැනි සිනමාකරුවන් පෙන්වා දුන් පරිදි, මෙවැනි නිර්මාණ මඟින් සමාජය විසින් සිතාමතා අමතක කර දමන ලද අමිහිරි මතකයන් නැවත පොදු අවධානයට යොමු කරනු ලබයි.

"32 - Return of the Torturer" හරහාද සිදු කෙරෙන්නේ නීතිය සහ යුක්තිය ඉටු කිරීමේ පද්ධති තුළ පවතින බරපතළ හිඩැස් සාධක සහිතව නිරාවරණය කරමින්, නිහඬ කර ඇති මිනිස් හඬවල් සඳහා බලගතු පොදු වේදිකාවක් තනා දීමයි.

විශේෂයෙන්ම දණ්ඩනීය යුක්තිය සහ වධහිංසාව වැනි සංකීර්ණ මාතෘකා දෘශ්‍ය කලාව හරහා ප්‍රශ්න කිරීම මෙහිදී කැපී පෙනේ. ශාස්ත්‍රීය පර්යේෂණයක් සිනමාත්මක භාෂාවකට පරිවර්තනය කරමින් අධ්‍යක්ෂවරයා උත්සාහ කරන්නේ නීති පද්ධතියේ ඇති සීමා සහ මානව ගරුත්වය පිළිබඳ පුළුල් සංවාදයක් සමාජය තුළ ගොඩනැගීමටයි.

එබැවින් මෙම ප්‍රදර්ශනය සහ ඒ සමග පැවැත්වෙන සිනමා කතිකාව නීති ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ට මෙන්ම සමාජ සාධාරණත්වය සහ මානව හිමිකම් කෙරෙහි උනන්දුවක් දක්වන සැමට ඉතා වැදගත් අවස්ථාවක් වනු ඇත.

0%
0%
0%
0%
Comments