1. සිගිරිය (Sigiriya)
සිගිරිය ශ්‍රී ලංකාවේ වඩාත්ම සංකේතාත්මක සහ ප්‍රසිද්ධ පුරාවිද්‍යාත්මක ස්ථානයයි. එය 1982 දී යුනෙස්කෝ මගින් ලෝක උරුම අඩවියක් ලෙස නම්කර ඇති අතර, "සිංහ පාෂාණය" ලෙස ද හැඳින්වේ.
5 වන සියවසේ කාශ්‍යප රජු විසින් ඉදිකරන ලද මෙම දැවැන්ත ගල් බලකොටුව පුරාණ නාගරික සැලසුම්කරණයේ අරුම පුදුම නිර්මාණයකි.
ගල වටා ඇති උයන් පද්ධතිය (ජල උයන, රජ උයන, මාවත්) ඉතා විශිෂ්ට ගණයේ ලා සැලකෙන ඉංජිනේරු කාර්මික නිර්මාණයකි. එම උයන් පද්ධතිය ලෝකයේ පැරණිතම උයන් පද්ධති අතරින් එකක් ලෙස සැලකේ.
සීගිරි පර්වතය මුදුනට ගමන් කල විට සුප්‍රසිද්ධ සීගිරි බිතුසිතුවම්, කැඩපත් පවුර, සහ විස්මිත ජල උද්‍යාන නැරඹිය හැකිය. කදු මුදුනේ සිට පෙනෙන අවට දර්ශනය අතිශයින් මනරම්ය.
සීගිරිය, ලෝක උරුම අතරින් අටවන ස්ථානය හිමිකර ගෙන ඇත. මෙය ශ්‍රී ලංකාවේ සංචාරකයින් අතර ඉතා ජනප්‍රිය ස්ථානයකි. පුරාවිද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, ජල කළමනාකරණය, හා කලාව එකට ගැබ් වූ ස්ථානයක් ලෙස සීගිරිය හැදින්විය හැකිය.
2. මහනුවර දළදා මාළිගාව සහ නගරය
ශ්‍රී දළදා මාලිගාව (Sri Dalada Maligawa) යනු ශ්‍රී ලංකාවේ අතිශය පූජනීය ආගමික ස්ථානයක් වන අතර, බුද්ධ ශ්‍රාවකයන්ට වඩාත් පූජනීය වන ගෞතම බුද්ධරජාණන් වහන්සේගේ දන්ත ධාතුව (Sri Dalada) තැන්පත් කොට ඇත්තේ දළදා මාලිගාව තුලය.
මහනුවර ශ්‍රී ලංකාවේ සංස්කෘතික අගනුවර ලෙස සැලකෙන අතර බෞද්ධ බැතිමතුන්ගේ පූජනීය නගරයක් ලෙසද හැදින්වේ.
දළදා පෙරහැර යනු දළදා මාලිගාවට අයත් විශාලතම ආගමික උත්සවය වන අතර වසරකට එක් වරක් පවත්වනු ලැබේ. වාර්ෂිකව පැවැත්වෙන ඓතිහාසික ඇසළ පෙරහැර ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ආකර්ෂණය කරවන අතර එයට සංචාරකයින්ද බොහෝ දෙනෙක් ඇතුලත්වේ.
ශ්‍රී දළදා මාලිගාව යුනෙස්කෝ ලෝක උරුම ස්ථානයක් ලෙසත් ප්‍රකාශිත වන අතර එය බුද්ධාගමේ අධි පූජනීය සංකේතය ලෙසින්ද, ශ්‍රී ලංකා ජනතාවගේ ආගමික හා සංස්කෘතික හදවත ලෙසින්ද සැලකේ.
3. ගාලු කොටුව (Galle Dutch Fort)
දිවයිනේ දකුණු වෙරළ තීරයේ පිහිටි ගාලු කොටුව, ශ්‍රී ලංකාවේ හොඳින්ම සංරක්ෂණය වූ ලන්දේසි යටත් විජිත නගරයයි.
1588 දී පෘතුගීසීන් විසින් ආරම්භ කර, පසුව ලන්දේසීන් විසින් ශක්තිමත් කරන ලද මෙම බලකොටුව යුනෙස්කෝ ලෝක සංස්කෘතික උරුම අඩවියකි.
පටු cobblestone වීදි ඔස්සේ ඇවිදිමින් ඓතිහාසික ගොඩනැගිලි, කෞතුකාගාර, කඩසාප්පු සහ ආපනශාලා නැරඹීමට මෙහිදී අවස්ථාව ඇත.
මෙය ගාල්ල නගරයේ දකුණු කොටසේ දකුණු මුහුද වෙරළ ආසන්නයේ පිහිටා ඇත. මෙහි විශේෂත්වය වන්නේ ගාලු කොටුව යනු නෙදර්ලන්ත ආගම් හා යුරෝපීය විලාසිතාවන් සහ දේශීය විලාසිතා එකට මිශ්‍ර වූ සංස්කෘතියකි.
4. යාල ජාතික උද්‍යානය
වනජීවී ලෝලීන් සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගමනාන්තය වන්නේ යාල ජාතික උද්‍යානයයි. මෙය ශ්‍රී ලංකාවේ දෙවනි ජාතික වනෝද්‍යානය වන අතර මෙය 1938 දී ස්ථාපනය කර ඇත.
මෙහි විශේෂත්වය වන්නේ යාල ජාතික වනෝද්‍යානය ජාත්‍යන්තරව ප්‍රසිද්ධ වන්නේ ලොව වැඩිම දිවියන් ඝනත්වයක් සිටින ප්‍රදේශයක් ලෙසයි. අලි ඇතුන්, කිඹුලන්, විවිධ පක්ෂි විශේෂ ද මෙහිදී දැකගත හැකි අතර මෙය A,B,C,D,E ලෙස කොටස් 05 කට බෙදා ඇත.
සෆාරි ජීප් (Jeep Safari) මගින් උද්‍යානය තුළ සංචාරය කරමින් වන සතුන් හා ඔවුන්ගේ ස්වභාවික පරිසරයේදී නැරඹීමට ඕනෑම කෙනෙකුට අවස්ථාව සලසා දී ඇත.
5. දඹුලු ලෙන් විහාරය
දඹුල්ලේ රන් ආලේපිත ලෙන් විහාර සංකීර්ණය ශ්‍රී ලංකාවේ විශාලතම සහ ඵෙතිහාසික වටිනාකමකින් යුත් ලෙන් විහාරයකි. මෙය මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල නගරය ආසන්නයේ පිහිටා ඇත.
මෙහි විශේෂත්වය වන්නේ මීටර් 160ක් උසැති ගල් පර්වතයක් මත පිහිටි මෙම විහාරයේ අවුරුදු 2,000ක් පැරණි බෞද්ධ පිළිම 150කට අධික ප්‍රමාණයක් සහ බිතුසිතුවම් දැකගත හැකි වීමයි.
දඹුඵ විහාරය ගුහා පහකින් සමන්විත වේ.
1. දේවරාජ ලෙන
2. මහා රජ ලෙන
3. මහා අල්තු විහාරය
4. පශ්චිම විහාරය
5. දේවතා ලෙන
බෞද්ධ කලා, ඉතිහාසය හා විහාර සංස්කෘතිය පිළිබඳව මහත් වැදගත් ස්ථානයක් හිමි කර ගෙන ඇති අතර පැරණි බෞද්ධ චිත්‍ර කලාවේ උසස් උදාහරණයක් ලෙස දඹුලු ලෙන් විහාරය පෙන්වා දිය හැක.