ads
Entertainment

කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය 2025

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ දෙරණ මාධ්‍ය ජාලය එක්ව සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය 2025 අගෝස්තු 24 වන දින ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතයි.

කොළඹ සංචාරක ගමනාන්ත සන්නාමකරණ ව්‍යාපෘතිය යටතේ සංවිධානය වන මෙම උත්සවයට මහද්වීප පහක් නියෝජනය කරමින් රටවල් 25 ක ජාත්‍යන්තර සහභාගිවන්නන් 55 දෙනෙකු සහ දේශීය සරුංගල් ලෝලීන් 500 ක් සහභාගි වීමට නියමිතයි.

මෙම සැණකෙළිය අරමුණ වන්නේ කොළඹ නගරයේ සංස්කෘතික විචිත්‍රත්වය ඉස්මතු කරමින් එය ලෝක මට්ටමේ සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමයි.  මෙම වර්ණවත් සැණකෙළිය සංස්කෘතිය සහ ජාත්‍යන්තර මිත්‍රත්වය විදහාපාන අතර එය දේශීය මෙන්ම විදේශීය ප්‍රේක්ෂකයින්ද ආකර්ෂණය කර ගනු ඇත.

දිනය: 2025 අගෝස්තු 24

ස්ථානය: ගාලු මුවදොර පිටිය, කොළඹ

මෙම සරුංගල් සැණකෙළිය ජාතීන් අතර බැඳීම් ශක්තිමත් කරන සංස්කෘතික එකමුතුවක්. කොළඹ නගරයේ අහස වර්ණවත් කරන මෙම සරුංගල් උළෙල අගෝස්තු 24 වනදා කොළඹට පැමිණෙන සංචාරකයින්ට අමතක නොවන අත්දැකීමක් වනු ඇත. දේශීය හා විදේශීය සියලුම දෙනාට මෙම අලංකාරවත් උත්සවයට සහභාගී වන ලෙස ආරාධනා කෙරේ.

0%
0%
0%
0%
Comments