ads
Food

රසට, ගුණට කේක් කන්න ආස අයට ඇවකාඩෝ කේක්

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
පැණිරස කෑමවලට ආස වුණත් සෞඛ්‍යයට අහිතකරයි කියලා හිතලා ඒ ආසාව අත්හැරලා දාපු ඔබට මේ ඇවකාඩෝ කේක් එක හොඳ විසඳුමක්. කෘත්‍රිම රසකාරක හෝ සීනි එකතු නොකර, ස්වභාවික අමුද්‍රව්‍ය පමණක් යොදාගෙන හදන මේ කේක් එකේ තියෙන්නේ පුදුමාකාර රසයක්. විශේෂයෙන්ම, ග්ලූටන් සහ කිරි නිෂ්පාදන නැති නිසා ඕනෑම කෙනෙකුට බය නැතුව කන්න පුළුවන්.

මෙහි ඇති ඇවකාඩෝ, වට්ටක්කා ඇට, සහ පිස්ටාචියෝ වැනි දේවල්වලින් සිරුරට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රැසක් ලැබෙනවා. මේ නිසා රස වගේම ගුණයත් එකට කැටි වුණු මේ කේක් එක හදලා බලන්න ඔබටත් පුළුවන්.

your image

අවශ්‍ය ද්‍රව්‍ය

  • වට්ටක්කා ඇට කෝප්ප ¼
  • පිස්ටාචියෝ ඇට කෝප්ප ¼ 
  • රට ඉඳි කෝප්ප ½
  • අවශ්‍ය නම් වතුර ස්වල්පයක්
  • ඉදුණු ඇවකාඩෝ 2ක මදය
  • දෙහි ගෙඩි 1ක යුෂ
  • වැනිලා සාරය තේ හැඳි 2
  • දුඹුරු සහල් සිරප් කෝප්ප ⅓
  • මිලිලීටර් 400ක පොල් ක්‍රීම් ටින් 1ක්
  • මචා කුඩු තේ හැඳි ½ 
  • පොල් තෙල් මේස හැඳි 1 (අත්‍යවශ්‍ය නොවේ)

your image

සාදන ක්‍රමය

මුලින්ම පිස්ටාචියෝ සහ වට්ටක්කා ඇට රළු කුඩු වන තුරු බ්ලෙන්ඩරයකට දමා අඹරා ගන්න.

දැන් එයට රට ඉඳි එකතු කර නැවත බ්ලෙන්ඩරය ක්‍රියාත්මක කරන්න. මිශ්‍රණය හොඳින් ඇලෙන සුළු වන තුරු අඹරා ගත යුතුයි.

මිශ්‍රණය ප්‍රමාණවත් තරම් ඇලෙන සුළු නැතිනම්, එය එකට එකතු වීමට වතුර ස්වල්පයක් එකතු කරන්න. වැඩිපුර වතුර එකතු නොකිරීමට වග බලා ගන්න.

කුඩා වටකුරු කේක් තැටියක පතුලේ මෙම මිශ්‍රණය සමතලා වන සේ තද කර, පසෙකින් තබන්න.

පිරවුමට අවශ්‍ය සියලුම ද්‍රව්‍ය (ඇවකාඩෝ මදය, දෙහි යුෂ, වැනිලා සාරය, , පොල් ක්‍රීම්, මචා කුඩු සහ පොල් තෙල්) බ්ලෙන්ඩරයකට දමා හොඳින් සිනිඳු වන තුරු අඹරා ගන්න.

ඔබට තද කොළ පැහැයක් අවශ්‍ය නම්, මචා කුඩු ප්‍රමාණය අවශ්‍ය පරිදි සකස් කර ගන්න.

සාදා ගත් පිරවුම් මිශ්‍රණය, කලින් සකස් කරගත් පදනම මතට වත් කරන්න.

පැය 4-5ක් හෝ එක රැයක් ශීතකරණයේ තබා, හොඳින් තද වනතුරු තබන්න.

අවසානයේ ස්ට්‍රෝබෙරි වැනි පළතුරු වලින් සරසා රස විඳින්න.

your image

Talidavoinea ඇසුරිනි

0%
0%
0%
0%
Comments