
බදුලු අහසම පාට පාට සරුංගල් වලින් වර්ණවත් කළ SKY FEST 2025
සැණකෙළිය පාසල් සහ විවෘත අංශ යටතේ පැවැත්වුණු අතර, ඉතා අලංකාර නිර්මාණශීලී සරුංගල් රැසක් අහසට මුදා හැරුණා. විවිධ හැඩතල සහ වර්ණවලින් යුත් මේ සරුංගල් දහස් ගණනක් බදුල්ලේ අහස වර්ණවත් කළේ දෙනෙතට අපූරු දසුනක් එක් කරමින්.
සරුංගල් තරඟයෙන් ජයග්‍රහණය කළ තරඟකරුවන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරුණා. මේ වසරේ සරුංගල් සැණකෙළියට සහභාගී වූ බොහෝ දෙනෙක් අදහස් දැක්වූයේ මෙය ඔවුන්ගේ ජීවිතයට ලැබූ අලුත් අත්දැකීමක් බවයි.
මේ සරුංගල් සැණකෙළිය බදුල්ල මහ නගර සභාවේ නගරාධිපති නන්දන හපුගොඩ මහතාගේ සංකල්පයක්.
ඌව පළාත් සභාවේ සංචාරක අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මේ සැණකෙළියට බදුල්ල මහා නගර සභාව, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය සහ සොරණාතොට ප්‍රාදේශීය සභාව වැනි ආයතනවල පූර්ණ සහයෝගය ලැබී තිබුණා. ඒ වගේම වෑවලි හා ප්‍රජා වතු යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න, සංචාරක නියෝජ්‍ය ඇමති රුවන් රණසිංහ, සහ මන්ත්‍රී දිනුදු සමන් හෙන්නායක යන මහත්වරු මේ අවස්ථාවට සහභාගී වී සරුංගල් යැවූ පිරිස දිරිමත් කළා.
පළාත් ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය ඇතුළු විශාල නිලධාරීන් පිරිසක් සහ ප්‍රදේශවාසීන් මේ සරුංගල් සංදර්ශනය නැරඹීමට පැමිණ සිටියා. පළාත් සංචාරක අමාත්‍යාංශයේ ලේකම් උපාලි ජයසේකර මහතාගේ උපදෙස් මත, සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් සියලු සංවිධාන කටයුතු ඉතා සාර්ථකව මෙහෙයවනු ලැබුවා.
Sky Fest 2025 සරුංගල් සැණකෙළිය සංවිධානය කළ කමිටුව සඳහන් කළේ, මෙවැනි උත්සව මගින් ජනතාව අතර සහයෝගීතාවය සහ ප්‍රීතිය වර්ධනය වන බවයි. ලබන වසරේදී තවත් උත්කර්ෂවත් ලෙස මෙම සැණකෙළිය සංවිධානය කිරීමට බලාපොරොත්තු වන බවද ඔවුන් වැඩිදුරටත් කියා සිටියා.
මේ Sky Fest 2025 සරුංගල් සැණකෙළියේ ඡායාරූප කිහිපයක්.