ads
Travel

අහස සිපගන්නා සුඛෝපභෝගී අත්දැකීම

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ලෝකෙ උසම හෝටලේ මොකක්ද කියලා ඔයාලා කල්පනා කරලා තියෙනවද? ඒ තමයි ඩුබායි වල තියෙන ජෙවෝරා හෝටලය එක.

your image

ජෙවෝරා හෝටලය ඩුබායි වල ප්‍රධාන පාරක් වෙන Sheikh Zayed Road එක ළඟ තියෙන්නේ. මේකේ උස මීටර් 356 (අඩි 1,168) ක්! හිතාගන්න පුළුවන්ද? මේක ඩුබායි වල තියෙන අටවෙනියට උසම ගොඩනැගිල්ල වගේම, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තියෙන නවවෙනියට උසම ගොඩනැගිල්ලත් වෙනවා. මේක තට්ටු 75 කින් හදලා තියෙනවා. මේක 2018 අවුරුද්දේ ලෝකෙ උසම හෝටලේ විදිහට ගිනස් වාර්තා පොතටත් ඇතුළත් වුණා. 

your image

මේ හෝටලේ හදන්න පටන් අරන් තියෙන්නේ 2005 අවුරුද්දේ. අවුරුදු 12ක් විතර තිස්සේ හදලා තමයි මේ අරුම පුදුම හෝටලේ ඉවර කරලා තියෙන්නේ. මුලින් මේක පදිංචි වෙන්න පුළුවන් අපාර්ට්මන්ට් ගොඩනැගිල්ලක් විදිහට හදන්න තිබිලා තියෙන්නේ, ඒත් පස්සේ තමයි හෝටලයක් විදිහට වෙනස් කරලා තියෙන්නේ. හෝටලේ ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වුණාම ලොබිය පිරිලා තියෙන්නේ කිරිගරුඬ සහ රන් පාටින් දිලිසෙන අලංකාර දේවල් වලින්. ගිනස් වාර්තා පොතට ඇතුල් වුණා කියලා තියෙන පලකයත් මෙතනම දකින්න පුළුවන්.

උස වගේම, එහෙට එන අමුත්තන්ට දෙන සුඛෝපභෝගී අත්දැකීම් වලටත් හුඟක් ප්‍රසිද්ධයි.

your image

මෙහි කාමර 528 කට වඩා තියෙනවා. හැම එකක්ම අලුත්ම පහසුකම් වලින් තමයි හදලා තියෙන්නේ.  සමහර කාමර වලින් ප්‍රසිද්ධ Burj Khalifa එකේ ලස්සන දර්ශන පවා බලාගන්න පුළුවන්. ඒ වගේම කාමර සද්දෙට ඔරොත්තු දෙන විදිහට හදලා තියෙනවා, ඒ නිසා එළියේ සද්ද බද්ද ඇහෙන්නේ නැහැ. කුඩා කුස්සියක් වගේම ෆ්‍රිජ් එකක්, කේතලයක්, මේස පුටු වගේ පහසුකම් පවා තියෙනවා.


මේක නම් අමතක කරන්න බැරි අත්දැකීමක්! හෝටලේ උඩම තට්ටුවක පිහිටලා තියෙන මේ අවන්හලෙන් ඩුබායි නගරේ විශ්මය ජනක දර්ශන බලාගෙන රෑ කෑම කන එක වෙනමම අත්දැකීමක්. උදේට බ්‍රෙක්ෆස්ට් වගේම හවසට Afternoon Tea එකකුත් මෙතනින් ගන්න පුළුවන්.

හෝටලයේ රන්වන් පැහැති දොරවල් සහ ලස්සන ගෘහ නිර්මාණ ශිල්පයත් හුඟක් දෙනාගේ සිත් ඇදගන්නවා.


ඔයා ඩුබායි නගරයට සංචාරය කරන්න බලාපොරොත්තු වෙනවා නම්, ජෙවෝරා හෝටල්  එකේ නවතින එක සුවිශේෂී අත්දැකීමක් වේවි. අහස සිපගන්නා උසකට හදලා තියෙන මේ හෝටලය, ඩුබායි වල තියෙන අලුත්ම දේවල් සහ සුඛෝපභෝගීත්වය විදහාපාන කදිම නිදසුනක්.

0%
0%
0%
0%
Comments