
සුපිරි නළු ශාරුක් ඛාන් අගෝස්තු 2 ශ්‍රී ලංකාවට
ෂාරුක් ඛාන් කියන්නේ, ලෝක සිනමාවේ කැපී පෙනෙන චරිතයක්. බොලිවුඩයේ "කිං ඛාන්", සහ "SRK" වගේ නම්වලින් ඔහු ප්‍රසිද්ධයි. 1965 නොවැම්බර් 2 වෙනිදා ඉන්දියාවේ නවදිල්ලියේදී උපත ලබපු ෂාරුක්, මුලින්ම රූපවාහිනී ටෙලි නාට්‍යවලින් තමයි රංගනයට පිවිසුණේ. 1992 දී 'දීවානා' චිත්‍රපටයෙන් බොලිවුඩයට ආපු ඔහු, ඉක්මනටම ජනප්‍රිය වුණා.
'දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ', 'කුච් කුච් හෝතා හේ' වගේ ආදර කතා චිත්‍රපට නිසා ඔහුට "රොමැන්ටික් කිං" කියලා නමක් ලැබුණා. හැබැයි එයා එකම විදිහේ චරිතවලට කොටු වුණේ නැහැ. දුෂ්ට චරිත, ගැඹුරු චරිත වගේ විවිධ චරිත රඟපාලා ඔහුගේ දක්ෂතා පෙන්නුවා.
ෂාරුක්ට ෆිල්ම්ෆෙයාර් සම්මාන 14ක් ඇතුළුව නොයෙකුත් සම්මාන රාශියක් ලැබිලා තියෙනවා. ඉන්දියානු රජය දීපු පද්ම ශ්‍රී සම්මානයත් ඔහුගේ ජීවිතේ සුවිශේෂී අවස්ථාවක්. රංගනයට අමතරව ඔහු රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට් කියන සිනමා නිෂ්පාදන සමාගමේත්, කොල්කටා නයිට් රයිඩර්ස් ක්‍රිකට් කණ්ඩායමේත් සම අයිතිකාරයෙක්.
ෂාරුක් ඛාන්, සිය රංගන හැකියාව, ආකර්ශනීය පෞරුෂය, සහ ව්‍යාපාරික දක්ෂතා නිසා සිනමා කර්මාන්තයේ විතරක් නෙවෙයි, ලොකයෙම මැකී නොයන සලකුණක් වෙලා තියෙනවා.
ඉතින්, මේ "City of Dreams ශ්‍රී ලංකා" කියන ලොකු ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයට අගෝස්තු මාසේ 02 වෙනිදා බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ලංකාවට එනවා. ඔහු එන එක අපේ රටේ සිනමා රසිකයන්ට නම් ලොකු ප්‍රවෘත්තියක්. ඒ වගේම මුළු සංචාරක ක්ෂේත්රයටම මේකෙන් ලොකු ප්‍රචාරයක් ලැබේවි.
"කිං ඛාන්" එන නිසා 'City of Dreams' ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය තවත් ලස්සන, මතක හිටින දෙයක් වෙයි කියලා තමයි හැමෝම බලාපොරොත්තු වෙන්නේ.