ads
Food

රසවත් පෑන්කේක් වර්ග 6ක් ගෙදරදීම හදමු

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
උදෑසන ආහාරයට, හවස් වරුවේ තේ වෙලාවට, නැතිනම් කෑම වේලකට අතුරුපසක් ලෙස, පෑන්කේක් කියන්නේ පුංචි දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා හැමෝම ආස කරන කෑමක්. හදන්නත් හරිම ලේසියි. අද අපි ඔයාලට රසවත් පෑන්කේක් වර්ග 6ක රෙසිපි ගෙනාවා. මේවා ගෙදරදීම හදලා රස බලන්න පුළුවන්.

1. බටර් මිල්ක් පෑන්කේක් (Buttermilk Pancakes)

your image

මෙය තමයි ලෝකයේ වඩාත්ම ජනප්‍රිය පෑන්කේක් වර්ගය. හරිම සරලයි, ඒ වගේම හරිම රසයි.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • පාන් පිටි කෝප්ප 1 1/2
  • බටර් මිල්ක් කෝප්ප 1 1/4 
  • බිත්තර 1
  • සීනි මේස හැඳි 2
  • බේකිං පවුඩර් තේ හැඳි 1
  • බේකිං සෝඩා තේ හැඳි 1/2
  • දියකරගත් බටර් මේස හැඳි 3
  • ලුණු තේ හැඳි 1/2
  • බැදීමට තෙල් හෝ බටර්


සාදන ක්‍රමය:

විශාල භාජනයකට පිටි, සීනි, බේකිං පවුඩර්, බේකිං සෝඩා සහ ලුණු දමා හොඳින් මිශ්‍ර කරන්න.

වෙනත් භාජනයක බටර් මිල්ක්, බිත්තර සහ දියකරගත් බටර් එකට මිශ්‍ර කරන්න.

දියර මිශ්‍රණය පිටි මිශ්‍රණයට ටිකෙන් ටික දමමින් හොඳින් මිශ්‍ර කරන්න. (වැඩිපුර මිශ්‍ර නොකිරීමට වග බලා ගන්න. කැට තිබුණට කමක් නැත).

පෑන් එකක් මධ්‍යම ගින්දරේ රත් කර, තෙල් ස්වල්පයක් හෝ බටර් ස්වල්පයක් ආලේප කරන්න.

මිශ්‍රණයෙන් ¼ කෝප්පයක් පමණ පෑන් එකට දමා දෙපැත්ත රන්වන් පැහැ වන තුරු පුළුස්සන්න.

මේපල් සිරප්, මී පැණි හෝ කැමති පළතුරු සමඟ පිළිගන්වන්න.


2. කෙසෙල් පෑන්කේක් (Banana Pancakes)

your image

ඉදුණු කෙසෙල් ගෙඩි තියෙනවා නම් මේ රසවත් පෑන්කේක් හදන්න පුළුවන්. හරිම සුවඳයි, ඒ වගේම ස්වභාවික පැණි රසක් තියෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • පාන් පිටි කෝප්ප 1
  • ඉදුණු කෙසෙල් ගෙඩි 2 (හොඳින් පොඩි කරගත්)
  • කිරි කෝප්ප 3/4
  • බිත්තර 1
  • සීනි මේස හැන්දක් (කෙසෙල් වල පැණි රස අනුව අඩු වැඩි කරගත හැක)
  • බේකිං පවුඩර් තේ හැඳි 1
  • වැනිලා තේ හැඳි 1/2
  • ලුණු ස්වල්පයක්
  • දියකරගත් බටර් හෝ තෙල් මේස හැඳි 2
  • බැදීමට තෙල් හෝ බටර්


සාදන ක්‍රමය:

විශාල භාජනයකට කෙසෙල්, කිරි, බිත්තර, සීනි, වැනිලා සහ දියකරගත් බටර් දමා හොඳින් මිශ්‍ර කරන්න.

වෙනත් භාජනයකට පිටි, බේකිං පවුඩර් සහ ලුණු දමා මිශ්‍ර කරන්න.

වියළි මිශ්‍රණය කෙසෙල් මිශ්‍රණයට ටිකෙන් ටික දමමින් හොඳින් මිශ්‍ර කරන්න. (කැට තිබුණට කමක් නැත).

පෑන් එකක් රත් කර තෙල් හෝ බටර් ආලේප කර මිශ්‍රණයෙන් ¼ කෝප්පයක් පමණ දමා දෙපැත්ත පුළුස්සන්න.

කැමති පරිදි මී පැණි, නට් සිරප් හෝ නැවුම් පළතුරු සමඟ පිළිගන්වන්න.


3. චොකලට් චිප් පෑන්කේක් (Chocolate Chip Pancakes)

your image

චොකලට් වලට ආස අයට මේක කදිම විකල්පයක්. හැමෝම කැමති වේවි!

අවශ්‍ය ද්‍රව්‍ය:

  • පාන් පිටි කෝප්ප 1
  • කිරි කෝප්ප 1
  • බිත්තර 1
  • සීනි මේස හැඳි 2
  • බේකිං පවුඩර් තේ හැඳි 1
  • ලුණු තේ හැඳි 1/4
  • දියකරගත් බටර් මේස හැඳි 2
  • වැනිලා තේ හැඳි 1/2
  • චොකලට් චිප්ස් කෝප්ප 1/2 (හෝ කැමති ප්‍රමාණයක්)
  • බැදීමට තෙල් හෝ බටර්


සාදන ක්‍රමය:

විශාල භාජනයකට කිරි, බිත්තර, සීනි, වැනිලා සහ දියකරගත් බටර් දමා හොඳින් මිශ්‍ර කරන්න.

වෙනත් භාජනයකට පිටි, බේකිං පවුඩර් සහ ලුණු දමා මිශ්‍ර කරන්න.

වියළි මිශ්‍රණය දියර මිශ්‍රණයට දමා හොඳින් මිශ්‍ර කරන්න.

අවසානයට චොකලට් චිප්ස් දමා කලවම් කරන්න.

පෑන් එකක් රත් කර තෙල් හෝ බටර් ආලේප කර මිශ්‍රණයෙන් ¼ කෝප්පයක් පමණ දමා දෙපැත්ත පුළුස්සන්න.

පිළිගැන්වීමේදී උඩින් චොකලට් සිරප් හෝ අයිසිං ෂුගර් ඉස පිළිගන්වන්න.


4. ඕට් මීල් පෑන්කේක් (Oatmeal Pancakes)

your image

සෞඛ්‍ය සම්පන්න උදෑසන ආහාර වේලක් සඳහා මේ ඕට් මීල් පෑන්කේක් හරිම හොඳයි.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ඕට්ස් කෝප්ප 1
  • කිරි කෝප්ප 1 1/4
  • පාන් පිටි කෝප්ප 1/2
  • බිත්තර 1
  • මී පැණි හෝ මේපල් සිරප් මේස හැඳි 2
  • බේකිං පවුඩර් තේ හැඳි 1
  • ලුණු තේ හැඳි 1/4
  • දියකරගත් බටර් හෝ පොල්තෙල් මේස හැඳි 2
  • බැදීමට තෙල් හෝ බටර්


සාදන ක්‍රමය:

මුලින්ම ඕට්ස් සහ කිරි භාජනයකට දමා විනාඩි 10ක් පමණ පෙඟෙන්නට හරින්න.

ඕට්ස් මිශ්‍රණයට බිත්තර, මී පැණි සහ දියකරගත් බටර් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.

වෙනත් භාජනයකට පිටි, බේකිං පවුඩර් සහ ලුණු දමා මිශ්‍ර කරන්න.

වියළි මිශ්‍රණය ඕට්ස් මිශ්‍රණයට දමා හොඳින් මිශ්‍ර කරන්න.

පෑන් එකක් රත් කර තෙල් හෝ බටර් ආලේප කර මිශ්‍රණයෙන් ¼ කෝප්පයක් පමණ දමා දෙපැත්ත පුළුස්සන්න.

නැවුම් පළතුරු, මී පැණි හෝ යෝගට් සමඟ පිළිගන්වන්න.


5. ලෙමන් රිකෝටා පෑන්කේක් (Lemon Ricotta Pancakes)

your image

වෙනස්ම රසයක් සොයන අයට මේ ලෙමන් රිකෝටා පෑන්කේක් කදිමයි. මෘදුයි, ඒ වගේම ප්‍රබෝධමත් රසයක් තියෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • පාන් පිටි කෝප්ප 1
  • රිකෝටා චීස් කෝප්ප 1
  • කිරි කෝප්ප 1/2
  • බිත්තර 2 (කහ මදය සහ සුදු මදය වෙන් කරගන්න)
  • සීනි මේස හැඳි 2
  • ලෙමන් ලෙල්ල ග්‍රේට් කරගත් තේ හැඳි 1
  • ලෙමන් යුෂ මේස හැඳි 1
  • බේකිං පවුඩර් තේ හැඳි 1
  • ලුණු තේ හැඳි 1/4
  • දියකරගත් බටර් මේස හැඳි 2
  • බැදීමට තෙල් හෝ බටර්


සාදන ක්‍රමය:

විශාල භාජනයකට පිටි, ෙබ්කිං පවුඩර් සහ ලුණු දමා මිශ්‍ර කරන්න.

වෙනත් භාජනයක කිරි, බිත්තර කහ මද, රිකෝටා චීස්, දියකරගත් බටර්, ලෙමන් ලෙල්ල සහ ලෙමන් යුෂ දමා හොඳින් මිශ්‍ර කරන්න.

දියර මිශ්‍රණය පිටි මිශ්‍රණයට දමා හොඳින් මිශ්‍ර කරන්න.

වෙනම භාජනයක බිත්තර සුදු මද ස්ථීර වනතුරු බීට් කරගන්න.

බීට් කරගත් බිත්තර සුදු මද පෑන්කේක් මිශ්‍රණයට මෘදුව කලවම් කරන්න.

පෑන් එකක් රත් කර තෙල් හෝ බටර් ආලේප කර මිශ්‍රණයෙන් ¼ කෝප්පයක් පමණ දමා දෙපැත්ත පුළුස්සන්න.

අයිසිං ෂුගර්, නැවුම් බෙරි වර්ග හෝ මේපල් සිරප් සමඟ පිළිගන්වන්න.


6. ඇපල් සහ කුරුඳු පෑන්කේක් (Apple Cinnamon Pancakes)

your image

අවශ්‍ය ද්‍රව්‍ය:

  • පාන් පිටි කෝප්ප 1 1/2
  • කිරි කෝප්ප 1 1/4
  • බිත්තර 1
  • සීනි මේස හැඳි 2
  • බේකිං පවුඩර් තේ හැඳි 1
  • කුරුඳු කුඩු තේ හැඳි 1/2
  • ලුණු තේ හැඳි 1/2
  • දියකරගත් බටර් මේස හැඳි 3
  • කුඩා කැබලිවලට කපාගත් ඇපල් ගෙඩි 1/2 - 1 
  • බැදීමට තෙල් හෝ බටර්


සාදන ක්‍රමය:

විශාල භාජනයකට පිටි, සීනි, බේකිං පවුඩර්, කුරුඳු කුඩු සහ ලුණු දමා හොඳින් මිශ්‍ර කරන්න.

වෙනත් භාජනයක කිරි, බිත්තර සහ දියකරගත් බටර් එකට මිශ්‍ර කරන්න.

දියර මිශ්‍රණය පිටි මිශ්‍රණයට ටිකෙන් ටික දමමින් හොඳින් මිශ්‍ර කරන්න.

අවසානයට කපාගත් හෝ ගාගත් ඇපල් කැබලි එකතු කර මෘදුව කලවම් කරන්න.

පෑන් එකක් මධ්‍යම ගින්දරේ රත් කර, තෙල් ස්වල්පයක් හෝ බටර් ස්වල්පයක් ආලේප කරන්න.

මිශ්‍රණයෙන් ¼ කෝප්පයක් පමණ පෑන් එකට දමා දෙපැත්ත රන්වන් පැහැ වන තුරු පුළුස්සන්න.

මේපල් සිරප් හෝ අයිසිං ෂුගර් ඉස පිළිගන්වන්න.

මේ පෑන්කේක් රෙසිපි වර්ග 6න් ඔයා මුලින්ම හදන්න බලපොරොත්තු වෙන්නේ මොන වර්ගයේ පෑන්කේක්ද? Comment එකක් දාන්න අමතක කරන්න එපා.

0%
0%
0%
0%
Comments