
ජාත්‍යන්තර සම්මාන දිනූ 'රිවස්ටන්' චිත්‍රපටය ළඟදීම රිදී තිරයට
Nayananjali
02-Jul-2025 13:54:54
ජාත්‍යන්තර සම්මාන දිනූ 'රිවස්ටන්' චිත්‍රපටය ළඟදීම රිදී තිරයට එනවා කියලා ආරංචියි.
මේ චිත්‍රපටය මෑතකදී චීනයේ තිබුණ 27 වැනි ෂැංහයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී හොඳම තිර පිටපතටයි, හොඳම කැමරාකරණයටයි ජාත්‍යන්තර සම්මාන දෙකක්ම දිනාගෙන තියෙනවා.
'රිවස්ටන්' චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ලලිත් රත්නායක මහත්මයා. කලින් ඔහු අධ්‍යක්ෂණය කරපු 'විෂම භාග' චිත්‍රපටයත් සම්මාන දිනපු නිර්මාණයක්. 'රිවස්ටන්' වල තිර රචනයත් ලලිත් රත්නායක මහත්මයාගේමයි. කැමරා අධ්‍යක්ෂක විදිහට කටයුතු කරලා තියෙන්නේ ප්‍රභාත් රොෂාන්.
මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර, රන්දික ගුණතිලක වගේ ගොඩක් දක්ෂ නළු නිළියෝ මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙලා තියෙනවා. චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ නිමන්ති මහත්මිය.
ඉක්මනටම මේ සම්මානලාභී චිත්‍රපටය බලන්න අපිට අවස්ථාව ලැබෙයි. 'රිවස්ටන්' බලන්න ඔබ සූදානම්ද?
0%
0%
0%
0%
Comments