ads
Feature

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිවයිනට

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ජපානයේ ආචි–නගෝයා නගරයේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවති පස්වැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් මෙරටටම කීර්තියක් ගෙන ආ අපේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස ඊයේ (26) රාත්‍රියේ යළි දිවයිනට පැමිණියා. ඔක්තෝබර් 18 වැනිදා සිට 24 වැනිදා දක්වා පැවති මෙම දැවැන්ත ක්‍රීඩා උළෙල සඳහා ආසියානු කලාපයේ රටවල් 45ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2,590 දෙනෙක් පමණ සහභාගී වී සිටීම විශේෂත්වයක්.

මෙම අභියෝගාත්මක තරගාවලියේදී අතිවිශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා කණ්ඩායම රන්, රිදී සහ ලෝකඩ පදක්කම් 09ක් දිනාගනිමින් සමස්ත ශ්‍රේණිගත කිරීම්වල 16 වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් වී තිබෙනවා. ඒ අතරින් අපේ රටේ අභිමානය ඉහළ නංවමින් ජනනි ධනංජනා වික්‍රමසිංහ සහ ප්‍රදීප් සෝමසිරි යන දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් දිනාගැනීමට සමත් වීම මුළු රටම ලැබූ ආඩම්බරයක් වනවා.

මීට අමතරව, ජනනි ධනංජනා වික්‍රමසිංහ, ගලීනා බස්නායක, සමිත දුලාන් සහ නුවන් ඉන්දික යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රිදී පදක්කම් දිනාගත් අතර, මොහොමඩ් සෆ්රාන්, නවීඩ් රහීම් සහ මධුරංග සුබසිංහ ලෝකඩ පදක්කම් දිනාගැනීමට සමත්ව තිබෙනවා.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ (26) රාත්‍රී 11.03ට හොංකොං නුවර සිට කැතේ පැසිෆික් ගුවන් සේවයට අයත් CX-611 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියා. ඔවුන් පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ ක්‍රීඩා අංශවල නිලධාරීන් මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියා.

0%
0%
0%
0%
Comments