බෙයිජිං වේලාවෙන් රාත්‍රී 11.49ට ශැන්ඩොං පළාතේ හයියැන්ග් වෙරළට ඔබ්බෙන් වූ සාගර කලාපයේ සිට මෙම දියත් කිරීම සිදු කිරීම විශේෂත්වයක්.
ගොඩබිම පදනම් කරගත් දියත් කිරීම්වලින් ඔබ්බට ගොස්, සාගරයේ සිට මෙවැනි සංකීර්ණ මෙහෙයුම් දියත් කිරීම අභ්‍යවකාශ ගමන් වඩාත් පහසු සහ නම්‍යශීලී කරන්නක් ලෙස සැලකෙනවා.
මෙම මෙහෙයුම 'ස්මාර්ට් ඩ්‍රැගන්-3' රොකට්ටුව මීටර් 31ක උසකින් යුක්ත වන අතර, එය ටොන් 140ක බරක් උසුලාගෙන අහසට විදීමේ හැකියාවෙන් යුක්තයි.
මෙවර අභ්‍යවකාශ ගත කළ CentiSpace චන්ද්‍රිකා මඟින් වායුගෝලීය දත්ත රැස් කිරීම සහ අන්තර්-චන්ද්‍රිකා ලේසර් සන්නිවේදනය වැනි උසස් තාක්ෂණික මෙහෙයුම් සිදු කිරීමට නියමිතයි.
2022 වසරේ සිය මංගල ගමන ආරම්භ කළ මෙම රොකට් මාදිලිය, මේ වන විට සිදු කළ මෙහෙයුම් 10ම සාගරයේ සිට සාර්ථකව නිම කර තිබීම චීන අභ්‍යවකාශ වැඩපිළිවෙළේ ඇති විශ්වසනීයත්වය මනාව පැහැදිලි කරනවා. මෙය වසරේ චීනය විසින් දියත් කළ 17 වන අභ්‍යවකාශ මෙහෙයුම ලෙස ඉතිහාසයට එක් වුණා.