
ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් හා මගපෙන්වීම යටතේ නාවික හමුදාව ලබාදුන් පහසුකම් මත ක්‍රියාත්මක වූ මෙම අභියෝගාත්මක කාර්යය පසුගිය මාර්තු 22 වන දින සාර්ථකව අවසන් වුණා.
මෙම අසීරු ගමනේ පළමු වාර්තාව ලෙස පැය 12ක කාලයක් තුළ කිලෝමීටර් 100.36ක දුරක් ධාවනය කිරීමට ඔහු සමත්ව තිබෙනවා. එමගින් මීට පෙර ඔහු විසින්ම තබා තිබූ කිලෝමීටර් 94.30ක වාර්තාව බිඳ දැමීම විශේෂත්වයක්.

ඉන් නොනැවතුණු ප්‍රින්ස්ලි ලියනගේ මහතා, දෙවන වාර්තාව ලෙස පැය 24ක කාලයක් තුළ කිලෝමීටර් 190.55ක දුරක් ධාවනය කරමින්, මීට පෙර පැවති කිලෝමීටර් 188.13ක ලෝක වාර්තාව ද අලුත් කිරීමට සමත් වුණා.

පැය 48ක කාලයක් අවසානයේ කිලෝමීටර් 316.4ක දුරක් ධාවනය කරමින් ඔහු සිය තෙවන ගිනස් වාර්තාව ද තහවුරු කළා.
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස ඔහු දැක්වූ මෙම දක්ෂතාවය, ඕනෑම අභියෝගයක් ජය ගැනීමට අවශ්‍ය කරන නොපසුබට උත්සාහය සහ කැපවීම පිළිබඳව වර්තමාන පරපුරට ලබාදුන් කදිම ආදර්ශයක්.