2024 සැප්තැම්බර් මාසයේ සිට යළිත් කියෙව් නුවර කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වූ මෙම විලාසිතා දැක්ම, මෙවර 2026/27 සරත් සහ ශීත සෘතු එකතුව ඉදිරිපත් කළේ වචනයෙන් විස්තර කළ නොහැකි බාධක රැසක් මධ්‍යයේයි.
නිරන්තරයෙන් එල්ල වන ප්‍රහාර හේතුවෙන් නගරයේ විදුලිය සහ තාප සැපයුම අඩාල වී තිබුණත්, යුක්‍රේන නිර්මාණකරුවන් තම නිර්මාණශීලීත්වය ලොවට පෙන්වීමට පසුබට වූයේ නැහැ.
මෙවර විලාසිතා සතිය ඇඳුම් පැළඳුම් ප්‍රදර්ශනයක්ම පමණක් නොව, එය යුක්‍රේන සංස්කෘතික අනන්‍යතාවය සහ ආර්ථික ශක්තිය විදහා පෑ ප්‍රබල සන්නිවේදනයක් ලෙසයි හැඳින්විය හැක්කේ.
යුක්‍රේන විලාසිතා සතියේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ඉරීනා ඩැනිලෙව්ස්කා පවසන පරිදි, මෙම වාරය මතකයේ රැඳෙනු ඇත්තේ ප්‍රමුඛ පෙළේ නිර්මාණ නිසා පමණක් නොව, එම නිර්මාණ බිහි වූ දුෂ්කර පසුබිම නිසාවෙනි.
මේ යුක්‍රේන විලාසිතා සතියේ ඡායාරූප කිහිපයක්..