ads
Lifestyle

මානසික සෞඛ්‍යය රකින සරල උපදෙස්

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
මානසික සෞඛ්‍යය කියන්නේ අපේ සමස්ත ජීවන තත්ත්වය කෙරෙහි සෘජුවම බලපාන අතිශයින්ම වැදගත් සාධකයක්. කාර්යබහුලත්වය සහ දෛනික අභියෝගයන් හමුවේ අපට අපේ මානසික සුවතාවය ගැන අමතක වෙන්න පුළුවන්.

your image

නමුත්, නිරෝගී මනසක් පවත්වාගෙන යාම කියන්නේ අපි අපිටම කරගන්න විශාලම ආදරය හා උපකාරයයි. මේ සඳහා, අපිට පාලනය කරන්න බැරි දේවල් ගැන නොනවතින දුක්වීම නවත්වන්න පුරුදු වෙන්න ඕනේ. පාලනය කළ නොහැකි දේවල් ගැන සිතමින් ශක්තිය නාස්ති කරනවා වෙනුවට, අපේ අවධානය යොමු කළ යුත්තේ අපිට වෙනස් කළ හැකි දේවල් කෙරෙහියි.

වර්තමානයේ සමාජ මාධ්‍ය කියන්නේ අපේ ජීවිතයේ විශාල කොටසක්. නමුත්, නිරන්තරයෙන් ඍණාත්මක හෝ පීඩාකාරී සමාජ මාධ්‍ය අන්තර්ගතයන් නැරඹීම අපේ මානසිකත්වයට අහිතකර ලෙස බලපෑ හැකියි. එවැනි දේවලින් කෙටි විවේකයක් ගැනීම ඉතා වැදගත්. 

ඒ වගේම, ප්‍රමාණවත් නින්දක් ලබාගැනීම කියන්නේ මනසට සහ ශරීරයට අත්‍යවශ්‍ය විවේකය ලබා දීමයි. සුවදායක නින්දක් මගින් ආතතිය අඩු කර, මනස නැවුම් කර, දවසට මුහුණ දෙන්න ශක්තිය ලබා දෙනවා.

your image

අන් අයට උදව් කිරීමෙන් ලැබෙන තෘප්තිය අතිමහත්ය. ඔබගේ කුඩා හෝ උපකාරයක් අවශ්‍ය කෙනෙකුට ලබා දීමෙන් ඔබේ සිතට විශාල සතුටක් සහ ධනාත්මක හැඟීමක් ලැබෙනු ඇත. සමහර වෙලාවට අපිට දැනෙන්නේ අපි එකම රෝදයක කැරකෙනවා වගේ. ඒකාකාරී බව සහ පීඩනය දැනෙනවා නම්, ඔබට සැහැල්ලුවක් දැනෙන, ස්වභාවික සෞන්දර්යයෙන් පිරි පරිසරයකට ටික වේලාවකට ගොස් කාලය ගත කරන්න. ස්වභාවධර්මය සමඟ ගත කරන කාලය මනසට සැනසීමක් ගෙන දෙයි.

your image

ඔබව සතුටු කරන පුංචි දෙයක් හෝ දවසට එකතු කරගන්න අමතක කරන්න එපා. එය හොඳ පොතක් කියවීම, සංගීතයට සවන් දීම, හෝ ඔබ ආදරය කරන විනෝදාංශයක නිරත වීම විය හැකියි. මේ වගේ පුංචි දේවල් දවසට විශාල වටිනාකමක් එකතු කරයි. ඊට අමතරව, ඔබේ ජීවිතයේ ඔබට ස්තූතිවන්ත විය හැකි දේවල් ගැන මෙනෙහි කිරීම පුරුද්දක් කරගන්න. 

මේ මොහොතේ ඔබ සතුව ඇති යහපත් දේ ගැන හිතන විට ධනාත්මක ආකල්පයක් ඇති වෙනවා. හැමදේම අතරේ, ඔබව ආදරයෙන් බලාගන්න අමතක කරන්න එපා. ඔබේ මානසික සෞඛ්‍යය රැක ගැනීම ඔබේම වගකීමක්.

0%
0%
0%
0%
Comments