ads
Feature

නැමීබියාවේ වැලි යට සැඟවුණු 16 වැනි සියවසේ රන් යාත්‍රාව

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
නැමීබියාවේ දුරස්ථ (Sperrgebiet) ජර්මානු භාෂාවෙන් එහි තේරුම “තහනම් කලාපය” යන්නයි ප්‍රදේශයේ දියමන්ති සොයමින් සිටි පතල් කම්කරුවන්ට ඊට වඩා වටිනා දෙයක් හමු විය: ඒ රත්රන්, ඇත්දළ සහ තඹ වලින් පටවා තිබූ 16 වැනි සියවසේ පෘතුගීසි කැරැක් නෞකාවක සුන්බුන් ය.

නැමීබ් කාන්තාරයේ අතිශය වියළි වැලි යට සංරක්ෂණය වී තිබූ, Bom Jesus ලෙස හඳුනාගත් මෙම නෞකාව 1533 දී ඉන්දියාව බලා යාත්‍රා කරමින් සිටියදී අතුරුදහන් වී ඇත. ඕරන්ජෙමුන්ඩ් (Oranjemund) අසල ඉහළ ආරක්ෂක පතල් කැණීම් බලපත්‍රයක් තුළ 2008 දී සොයාගත් මෙම ස්ථානය, ඉක්මනින්ම සාගර පුරාවිද්‍යාඥයන්, දේශගුණ විද්‍යාඥයන් සහ ඉතිහාසඥයන්ගේ අවධානයට ලක් විය.

your image

බොම් ජේසුස් නෞකාවේ රන් කාසි 2,000 කට අධික ප්‍රමාණයක්, තඹ ඉන්ගෝට් ටොන් 22 ක් සහ බටහිර අප්‍රිකානු ඇත්දළ දුසිම් ගණනක් තිබී ඇත. යුරෝපය, අප්‍රිකාව සහ ආසියාව පුරා විහිදුණු එහි භාණ්ඩ පද්ධතිය එලෙසම පාහේ නොවෙනස්ව පැවතීම විශේෂත්වයකි.

'Cape of Good Hope' අසල ඇති වූ දරුණු කුණාටුවකින් යාත්‍රාව මාර්ගයෙන් ඉවතට ගසාගෙන යන්නට ඇතැයි සැලකේ. ශතවර්ෂ ගණනාවක් පුරා වැලිවලින් සම්පූර්ණයෙන්ම වැසී ගිය නිසා, එය සොරුන්ගෙන්, මුහුදු ජලයෙන් සහ කාලයෙනුත් ආරක්ෂා වී තිබුණි.

your image

ගැඹුරු සාගර ද්‍රෝණිවල සොයාගත් බොහෝ ඓතිහාසික නැව් සුන්බුන් මෙන් නොව, බොම් ජේසුස් නෞකාව අත්ලාන්තික් වෙරළ තීරයේ සිට අඩි සිය ගණනක් රට අභ්‍යන්තරයේ පිහිටා තිබුණි.

එහි අසාමාන්‍ය ලෙස සංරක්ෂණය වීමට හේතුව වන්නේ අවට ඇති නැමීබ් කාන්තාරයේ අධික වියළි බව යි. 2014 වසරේ  Quaternary International සඟරාවේ පළ වූ සම-සමාලෝචනය කරන ලද අධ්‍යයනයක් තහවුරු කළේ, එම කලාපයේ දේශගුණය සහ වෙරළබඩ රූප විද්‍යාවේ වෙනස්වීම් එකතු වී, නෞකාවේ දැව, භාණ්ඩ සහ රෙදි කැබලි පවා සඳහා දුර්ලභ සංරක්ෂණ කුටීරයක් නිර්මාණය කර ඇති බවයි.

“මෙය හුදෙක් පුරාවිද්‍යාත්මක ස්ථානයක් පමණක් නොවේ; එය සොයාගැනීමේ යුගයේ (ආර්ථික කාල කැප්සියුලයක්,” යැයි අප්‍රිකානු සාගර හා දිය යට පර්යේෂණ, ගවේෂණ සහ අධ්‍යාපන ආයතනයේ (AIMURE) අධ්‍යක්ෂ ආචාර්ය බෲනෝ වර්ස් (Dr. Bruno Werz) නිල පර්යේෂණ සාරාංශයක සඳහන් කළේය. 

නෞකාවේ තිබී සොයාගත් තඹ ඉන්ගෝට්වල, ෆුගර් (Fugger) බැංකු රාජවංශයේ ත්‍රිශූල මුද්‍රාව සටහන්ව තිබීමෙන් තහවුරු වන්නේ, පෘතුගීසි ඉන්දීය සාගර ගමන් සඳහා ජර්මානු මුදල් සම්පාදකයන් අනුග්‍රහය ලබා දී ඇති බවයි මෙය මුල්ම යටත් විජිත වෙළඳ ඉතිහාසයේ එතරම් ලේඛනගත නොවූ තොරතුරකි.

your image

ඊට අමතරව, පෘතුගීසි නැව්වල කලාතුරකින් දක්නට ලැබෙන ස්පාඤ්ඤ එක්සලෙන්ටෙස් කාසි විශාල ප්‍රමාණයක් තිබී ඇති අතර, එයින් යෝජනා වන්නේ 1533 යාත්‍රා සමූහය සඳහා ස්පාඤ්ඤ ආයෝජකයින් අසාමාන්‍ය ලෙස ඉහළ කොටස් දරා ඇති බවයි. Daily Galaxy ඇසුරිනි. සමුද්‍ර ඉතිහාසඥ ඇලෙක්සැන්ඩර් මොන්ටෙයිරෝ (Alexandre Monteiro) පර්යේෂණ වාර්තාවක (ResearchGate) දක්වා ඇති පරිදි, ලිස්බන්හි රාජකීය ලේඛනාගාරයෙන් සොයාගත් ලිපියකින් මෙම න්‍යාය තවදුරටත් තහවුරු වේ.

0%
0%
0%
0%
Comments