1991 වර්ෂයේ නොවැම්බර් 11 වන දින උපන් මොහු මීගමුවේ මේරිස් ස්ටෙලා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇත.
කා අතරත් ජනප්‍රිය නඵවෙක් වන ජැක්සන් ඇන්තනී හා ජනප්‍රිය ගායිකාවක් වන කුමාරි මුණසිංහගේ බාල පුතණුවන් වන සජිත ඇන්තනී කුඩාකල සිටම කලාවට පිවිසීමට මූලිකම හේතුව වී ඇත්තේ මොහු කලා පවුලකින් පැවත ඒමයි.
මොහු ප්‍රථමයෙන්ම රංගනයට පිවිසෙන්නේ 2008 වර්ෂයේදී තිරගත වූ සූරිය අරණ චිත්‍රපටය හරහාය. එසේම තම පියා වන ජැක්සන් ඇන්තනී විසින් අධ්‍යක්ෂණය කරන ලද අබා චිත්‍රපටයෙන් ද මොහු රංගනයෙන් දායක වී ඇත.
නව පරපුරේ රංගන ශිල්පීන් අතර සජිත යනු රංගනයෙන් ද ගායනයෙන් ද නර්තනයෙන්ද වැඩසටහන් ඉදිරිපත් කිරීම් අතින් ද සියල්ලන්ගෙන්ම සම්පූර්ණ ජනප්‍රිය චරිතයෙකි.
මොහු රංගනයෙන් දායක වුනු නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ “සරා” ගේ චරිතය බෙහෙවින්ම ජනප්‍රිය එකකි. එසේම 2024 වර්ෂයේ විකාශය වූ පාට කුරුල්ලෝ, 2016 වර්ෂයේ විකාශය වූ බෝහිමියානුවා, 2018 වර්ෂයේ විකාශය වූ කණාමැදිරියෝ ඉන් කිහිපයකි.
මොහු ගායනා කරන ලද ගීත අතර ස්වර්ණපාලියේ, මිහිරාව ආවා
රසිකයින් අමන්දානන්දයට පත්කරන ලදී.
2024 වර්ෂයේ රයිගම් ටෙලි සම්මාන උළෙලේ “වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නඵවා” සම්මානය දිනාගෙන ඇති අතර Popular Awards 2024 සම්මාන උළෙලේ “ජනප්‍රියම ටෙලි නාට්‍ය නඵවා”සම්මානය දිනාගෙන ඇත. එසේම රයිගම් ටෙලි සම්මාන උළෙලේ “නැගී එන නඵවා” සම්මානයට නම් කරන ලද අතර 2016 වර්ෂයේ ඔහුට මෙම සම්මානයට හිමිකම් කියන ලදී.
එසේම මෙවර පැවති සිග්නීස් ටෙලි සම්මාන උළෙලේ “සිහින සමීකරණ” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් සජිත ඇන්තනී (2024) වර්ෂයේ හොඳම නළුවා ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ අතර “දූස්රා” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් “සජිත ඇන්තනී” (2024) වර්ෂයේ හොඳම සහය නළුවා ලෙස සම්මානයෙන් පිදුම් ලබා ඇත.
සජිත යනු අලුත් පරපුරේ නළුවන් අතර විශාල ගැඹුරු රංගන හැකියාවකින් යුක්ත නළුවෙකු ලෙස නමක් දිනා ඇති අතර 34 වන වියට පා තැබූ මොහු දෙදරු පියකි.