ads
Feature

අරුණ ජයවර්ධනගේ “මාරියා”

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
බොහෝ කලක සිට ප්‍රේක්ෂකයින් බලාපොරොත්තුවෙන් සිටි අරුණ ජයවර්ධන විසින් අධ්‍යක්ෂණය කළ “මාරියා” (The Ocean Angel) චිත්‍රපටය එළඹෙන නොවැම්බර් 21 සිට දිවයින පුරා සිනමා ශාලාවලදී තිරගත වීමට නියමිතයි.

මෙම චිත්‍රපටයේ නිෂ්පාදකයා වන්නේ ඉන්ද්‍රජිත් සිල්වාය(D & D Films)   කැමරාකරණය චන්න දේශප්‍රිය මහතා විසින් සිදුකර ඇත. ඩිලන්ත පෙරේරාගේ සංස්කරණයෙන් ද , දමින්ද මඩවලගේ සහය අධ්‍යක්ෂණයෙන් හා චින්තක ජයකොඩිගේ සංගීතයෙන් හැඩ වූ " මාරියා " තිර රචනය සහ අධ්‍යක්ෂණය අරුණ ජයවර්ධන විසින් සිදු කර ඇත. 

ගැඹුරු මුහුදේ ධීවර කටයුතු වල යෙදෙන ධීවර පිරිසක් සහ මුහුද මැදදී ඔවුන්ට දක්නට ලැබෙන යම් වස්තුවක් නිසා එම ධීවරයින් මුහුණදෙන අනපේක්ෂිත සිදුවීම් සමුදායක් වටා චිත්‍රපටයේ කතාව ගෙතී ඇත. 

මෙම චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ සියලු දර්ශන මුහුද මැද තිරගත කිරීමයි. එම නිසා “The Ocean Angel” යන උපශීර්ෂ නාමයද එම චිත්‍රපටයට යොදාගෙන ඇත.  

අරුණ ජයවර්ධන ශ්‍රී ලංකාවේ සිනමා අධ්‍යක්ෂක, ලේඛක සහ නිෂ්පාදකවරයෙක් ලෙස කා අතරත් ප්‍රසිද්ධ චරිතයකි. ඔහු විසින් අධ්‍යක්ෂණ කල සාර්ථක චිත්‍රපට අතර 2013 වසරේදී තිරගත වූ නිකිණි වැස්ස චිත්‍රපටය පෙන්වා දිය හැක. 

නිකිණි වැස්ස චිත්‍රපටය ජාත්‍යන්තර වේදිකාවල ද ප්‍රදර්ශනය වී ඇති සිනමා නිර්මාණයකි. මොහුගේ සිනමා නිෂ්පාදන වලදී “නිර්මාණාත්මක ප්‍රවේශ” හා “දේශීය භූමිකාවන්” විදහා පෑමට උත්සාහ දරණ බව බොහෝ විචාරකයාන්ගේ මතයයි.

“මාරියා” චිත්‍රපටය තිරගත වීමට පෙර සිටම අන්තර්ජාතික සිනමා උළෙල රැසකදිම ඇගයුමට ලක් වී ඇත. 

▪️වියට්නාමයේ හැනෝයි නුවරදී පැවති 6 වන හැනෝයි අන්තර්ජාතික සිනමා උළෙලේ දී හොඳම නළුවාට හිමි සම්මානය මෙම චිත්‍රපටයේ රඟපෑ නළුවන් හත් දෙනාටම හිමිවිය.

▪️ඉන්දියාවේ ජායිපූර් නගරයේ පැවැති 15 වන ජායිපූර් අන්තර්ජාතික සිනමා උළෙලේ දී ග්‍රීන් රෝස් සම්මානය හිමි වී ඇත. 

▪️රුසියාවේ පැවැති " සල්ටා ඉයුරේෂියන් බ්‍රිජ් අන්තර්ජාතික සිනමා උළෙලේ දී හොඳම චිත්‍රපටය සඳහා වන සම්මානයටද හිමි වී ඇත. 

▪️ලොව ඒ ශ්‍රේණියේ අන්තර්ජාතික සිනමා උළෙලක් ලෙස සැලකෙන , ආසියාවේ පැරණිතම සිනමා උළෙල වන 54 වන ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ තරගකාරි අංශය සඳහා ද නිර්දේශ වූ " මාරියා " , රුසියාවේ පැවැති මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කිරීමට ද සමත් වී ඇත. 

" මාරියා" චිත්‍රපටයේ හේමාල් රණසිංහ , මහේන්ද්‍ර පෙරේරා , අශාන් ඩයස් , දර්ශන් ධර්මරාජ් , ප්‍රියන්ත සිරිකුමාර , දසුන් පතිරණ හා සුරන් දසනායක රංගනයෙන් දායකත්වය දක්වා ඇත. 

නොවම්බර් 21 වනදා සිට සිනමා ශාලාවන් වලදී " මාරියා" චිත්‍රපට නැරඹීමට ප්‍රේක්ෂක ඔබට ද අවස්ථාව සලසා ඇත. 

0%
0%
0%
0%
Comments