ads
Feature

දරුඵල රහිත කාන්තාවන්ට නව බලාපොරොත්තුවක්

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
කාසල් වීදියේ කාන්තා රෝහලේ ශුක්‍රාණු බැංකුවේ ශුක්‍රාණු පරිත්‍යාග කිරීමට අමතරව ඩිම්බ නොමැති කාන්තාවන් වෙනුවෙන් ඩිම්බ පරිත්‍යාග කිරීමේ වැඩපිළිවෙලක් ද ආරම්භ කර ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන සඳහන් කළා.

දරුඵල බලාපොරොත්තුවෙන් සිටින ඇතැම් කාන්තාවන්ට දරුවෙක් හදාගැනීමට තරම් සක්‍රීය තත්ත්වයේ ඩිම්බ නොමැතිවීම හේතුවෙන් ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ වැටෙන බවත් මේ වන විට එම බලාපොරොත්තු මල්ඵල ගැන්විම සඳහා නිරෝගි ඩිම්බ පවතින කාන්තාවන්ගෙන් ඩිම්බ ලබාගැනීම මෙහි ක්‍රියාවලිය බවත් වෛද්‍යවරයා පැවසුවා.

පසුව එම කාන්තාවගේ ඩිම්බ අදාල කාන්තාවගේ සැමියාගේ ශුක්‍රාණු සමඟ බාහිර පරිසරය තුළ විශේෂ මාධ්‍යයක සංසේචනය වීමට සලස්වා වැටුණු කළලය මවගේ ගර්භාෂයේ තැන්පත් කිරිමක් සිදුකරයි.

IVF (In Vitro Fertilisation) තාක්ෂණය භාවිත කරමින් දරුවන් නොමැති තරුණ විවාහකයින් සඳහා මෙම විශේෂ වැඩ පිළිවෙල ඉදිරි දිනයකදී ආරම්භ කරන බව ද අධ්‍යක්ෂවරයා පැවසුවා.

මෙම ඒකකයට අවශ්‍ය ගොඩනැගිල්ල, පුහුණු කාර්ය මණ්ඩල මේ වන විට සූදානම් කර ඇති අතර, මේ සඳහා වෛද්‍යවරුන්ට විදේශයන්හිදි මේ සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලබා දුන් බවද පෙන්වා දෙන අධ්‍යක්ෂවරයා තවත් උපකරණ කීපයක් IVF මධ්‍යස්ථානය වෙත ලබා ගත යුතු බවද පැවසුවා.

පරිත්‍යාගශීලීන්ට වුවද මෙම උපකරණ ලබා දිය හැකි බැවින් ඒ සඳහා තමා හා සම්බන්ධ වී අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි බවද අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

මෙය වසර 2018දී මෙය ආරම්භ කිරීමට තීරණය කර තිබුණත්, ඒ මොහොතේ සිට මේ දක්වා විවාහක යුවළ 1700ක් පමණ එම සේවාවට ලියාපදිංචි වී ඇති බවත් තවත් පිරිස් ලියාපදිංචි වීමට ඉල්ලුම් කර ඇති බවත් වාර්තා වෙනවා.

දරුවෙකු බිහි කළ හැකි වයස ඉක්මවා යාමට පෙර ලියාපදිංචි වි ඇති කාන්තාවන්ට දරුවෙකු ලබා දීමට IVF මධ්‍යස්ථානය කඩිනමින් විවෘත කරන බවත් මේ වන විට ජනාධිපතිවරයාගේද අවධානය මේ කෙරෙහි යොමු වී තිබීමෙන් මෙය ඉක්මනින් ආරම්භ කර අවශ්‍ය සේවාවන් ලබා දීමට හැකිවනු ඇති බවට තමා විශ්වාස කරන බවත් අධ්‍යක්ෂ දන්තනාරායන පැවසුවා.

0%
0%
0%
0%
Comments