
ෂෙනුකි කොහොමද මේ දවස් වල වැඩකටයුතු?
මේ දවස්වල මම අධ්‍යාපන කටයුතු වලට වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. ක්‍රීඩා මනෝවිද්‍යාව මගේ ප්‍රධාන විෂය. අපේ රටේ ක්‍රීඩකයන්ට ලොකු දක්ෂතා තිබුණත් මානසික මට්ටම් අඩුපාඩු තියෙනවා. ඒ වෙනුවෙන් යමක් කරන්න මට ලොකු ආසාවක් තියෙනවා. ඒ අතරේ හොඳ නිර්මාණ ලැබුණොත් භාරගන්නවා. දැනටමත් තවත් සිනමා නිර්මාණයකට සම්බන්ධ වෙන්න කතා කරලා තියෙනවා. ඒක විදෙස් රටක රූගත කිරීමට නියමිතයි.

ක්‍රීඩිකාවක්, නිරූපණ ශිල්පිනියක් ලෙසත් ඔබව හඳුන්වන්න පුළුවන්. මේ ගමන් මඟ ගැන ඔබේ අදහස මොකක්ද?
මම පාසල් කාලේ ඉඳන්ම ක්‍රීඩාවට ලොකු දක්ෂතා දැක්වූ කෙනෙක්. ලූවර් ජාත්‍යන්තර පාසලට සහ කොළඹ බිෂොප් විද්‍යාලයට ගියා. ක්‍රීඩාවෙන් පාසලට ගෝල්ඩ් කලර්ස් පවා මට ලැබුණා. මම හරි නිහඬ චරිතයක්. කලාව පැත්තට පාසලේදීවත් යොමුවෙලා නැහැ. හැබැයි ක්‍රීඩාව නිසා මගේ ශරීරයේ තිබුණු නම්‍යශීලී බව, ශක්තිමත් බව වගේ ගුණාංග රංගනයට ලොකු රුකුලක් වුණා.

Miss Teen Universe කිරුළ ඔබේ ජීවිතය වෙනස් කළා නේද?
ඔව්, 2022 වසරේදී මම Miss Teen Universe කිරුළ හිමිකරගත්තා. ඒක මගේ නිරූපණ ජීවිතයට ලොකු අඩිතාලමක් වුණා. නිරූපණය ගැන ගොඩක් දේවල් ඉගෙනගන්න ලැබුණා. රුක්මල් සේනානායක ගුරුවරයෙක් විදියට මාව ගොඩක් පෝෂණය කළා නිරූපණය සම්බන්ධයෙන්

Mother Lanka ඔබේ පළමු සිනමා අත්දැකීම. ඒ ගැන මතක් කළොත්?
මම රඟපාන්න යයි කියලා කවදාවත් හිතුවේ නැහැ. Mother Lanka චිත්‍රපටයේ තිර රචනය කළේ මගේ අම්මා, ක්‍රිෂාන්ති කුලසූරිය. පිටපත තුළ මගේ ක්‍රීඩා ජීවිතය තිබුණා. ඒත් මම චරිතයට සුදුසුයි කියලා අම්මා හිතන්න ඇති. මට ඒ වෙනකොට ගුවන් සමාගමක රැකියාවක් තිබුණා. ඒත් අවසානයේ මට රැකියාව අත්හැරලා රංගනය තෝරාගන්න සිදුවුණා.

එමීගේ චරිතය ඔබට දැනුණේ කොහොමද?
එමී කියන්නේ මගේම වගේ චරිතයක්. සාමාන්‍ය ජීවිතයේදී මම නිහඬ වුණාට ක්‍රීඩාවේදී හරි සටන්කාමී සහ උද්‍යෝගිමත් කෙනෙක්. මම දිනනකල් සටන අතහරින්නේ නැහැ. ජිම්නාස්ටික්, ඩයිවින් සහ පවර් ලිෆ්ටින් වලින් මම ජාතික ශූරියක්. මේ හැමදේම මට ලැබුණේ ක්‍රීඩිකාවක් වුණු නිසා. නිළියක් වෙන්න ඒ හැකියාව ගොඩක් උදව් වුණා.

අනෙක් රංගන ශිල්පී ශිල්පිනියන් දැක්වූ සහයෝගය කොහොමද?
රංගනය කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. ඒ චරිතය ඇතුළේ ජීවත් වෙමින් හැඟීම් ප්‍රකාශ කරන්න වෙනවා. රංගන ගුරුවරයා වන ලසන්ත ෆ්‍රැන්සිස් මහත්මයාගේ මගපෙන්වීම මට ලොකු ශක්තියක් වුණා. රූගත කිරීම් අතරතුර තරින්දි අක්කා, ධනංජය අයියා, බිමල් අයියා, හේෂානි අක්කා සහ සනත් ගුණතිලක අංකල් වගේ දක්ෂ කලාකරුවන්ගෙන් ලැබුණු දැනුම මිල කරන්න බැහැ. ඒක ඇකඩමියක් වගේ වුණා. හැමෝම හරිම සුන්දර මතක ඉතිරි කළා. හැමෝම මට ගොඩක් උදව් කළා. එයාලා මට දුන්නු දැනුම අදටත් මට ප්‍රයෝජනවත්. මගේ පළමු නිර්මාණය කියලා කියන්න බැරි තරම් විශිෂ්ටයි කියලා ගොඩක් අය කිව්වා. ඒකට එයාලගේ සහයෝගය ගොඩක් බලපෑවා.
ඉදිරි බලාපොරොත්තු මොනවාද?
ඉදිරියටත් හොඳ නිර්මාණවලින් දකින්න ලැබෙයි. මම ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබුණත්, මගේ අධ්‍යාපන කටයුතු සහ ක්‍රීඩාව නිසා ටිකක් කාර්යබහුලයි. සිනමාව විතරක් තෝරාගන්න කැමතියි.
කලාවට ඔබ දක්වන ආදරය මොනවගේද?
කලාව කියන්නේ මැජික් එකක්. කලාවෙන් සමාජය නිවැරදි කරන්න පුළුවන්. පණිවිඩයක් දෙන්න පුළුවන්. Mother Lanka චිත්‍රපටයට මම ගොඩක් ආදරෙයි. දුවෙක් විදියට ලැබෙන පණිවිඩය, ක්‍රීඩිකාවක් විදියට ලැබෙන දිරිගැන්වීම, අම්මා කෙනෙකුට දෙන ගෞරවය සහ පවුලක වටිනාකම අද සමාජයට කියා දෙන නිසා.
ෂෙනුකිගේ ඉදිරි ගමනට Ziradaily අපෙන් උණුසුම් සුබ පැතුම්!
✍️ නයනාංජලී හේවගේ