කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිරිස අතරින් කැපී පෙනුණු ආදිත්‍යා, සිය නව ගමන පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ..
"ආඩම්බරයක් වගේම පොඩි බයකුත් තියෙනවා," වෘත්තියෙන් ගායිකාවක් වුවත්, කුඩා කල සිටම නිරූපණ ක්ෂේත්‍රයට දැඩි ඇල්මක් දැක්වූ බව ඇය සඳහන් කළා. "ඉතින් මට ඕනේ වුණා මගේ රට නියෝජනය කරලා මගේ රටට ආඩම්බරයක් ගේන්න," ඇය පැවසුවා.
මෙම තරගය සඳහා සහභාගී වීමේ තීරණය හදිසියේ ගත් දෙයක් නොවන බව ආදිත්‍යා අවධාරණය කළා. "මේක මම එකපාර යන්න හිතපු දෙයක් නෙවෙයි. මම මාස හුඟක් මහන්සි වුණා. දැන් මාස 8ක් විතර," ඇය පැහැදිලි කළා.
මෙම දීර්ඝ කාලයක් පුරා ඇය දැක්වූ කැපවීම සහ වෙහෙස මේ මොහොත වන විට සැබෑ වී ඇති අතර, ඇය බලාපොරොත්තු වන්නේ සිය උත්සාහයට සාධාරණයක් ඉටුවනු ඇති බවයි. "බලමු කොහොම වෙයිද කියලා. බලාපොරොත්තුවෙන් ඉන්නවා හොඳ තීරණයකට," යනුවෙන් පවසමින් ආදිත්‍යා සිය අදහස් පැවසුවා.
ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරය ඉදිරියේ බැබළවීමට යන ආදිත්‍යා වැලිවත්තට, 'මිස් ටුවරිසම්' ජාත්‍යන්තර තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට හැකිවේවායි අප ප්‍රාර්ථනා කරමු.