ads
Interview

"UNFORGOTTEN" චිත්‍ර ප්‍රදර්ශනයේ මතකයන් සොයා යන ඉෂාරගේ කලා ගමන

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
මේ දවස්වල කොළඹ 05, පාර්ක් රෝඩ් එකේ තියෙන "Curado Art Space" එකට ගියොත්, හරිම සුවිශේෂී චිත්‍ර ප්‍රදර්ශනයක් බලන්න පුළුවන්. ඒ තමයි ඉෂාර මධුශංකගේ "UNFORGOTTEN" ප්‍රදර්ශනය. ජූලි 19 ඉඳන් 25 වෙනකම්, උදේ 10 ඉඳන් හවස 5 වෙනකම් මේ ප්‍රදර්ශනය පැවැත්වෙනවා. Ziradaily අපි හිතුවා ඉෂාර එක්ක පොඩි කතාබහක් කරන්න.

your image

ඉෂාර, මුලින්ම ඔබේ කලා ගමන ගැන කියමුද? ඔබේ ගම මහියංගනය නේද?

ඔව්, මම මහියංගනයෙන්. පොඩි කාලේ ඉඳන්ම අපේ ගෙදර කලාත්මක පරිසරයක් තිබුණා. චිත්‍ර අඳින්න හරිම ආසයි. ඒ වගේම මට ඉලෙක්ට්‍රොනික් පරිපථ ගැනත් ලොකු උනන්දුවක් තිබුණා. ඒක මගේ චිත්‍ර කලාවටත් ටිකක් වෙනස්ම පදනමක් දුන්නා. මම උසස් අධ්‍යාපනය හැදෑරුවේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ චිත්‍ර කලාව පැත්තෙන්. දැන් මම පූර්ණ කාලීන චිත්‍ර ශිල්පියෙක් විදියට වැඩ කරනවා.

your image

ඔබේ නිර්මාණවල තියෙන විශේෂත්වය මොකක්ද? ඔබ තඹ පත්‍ර මත චිත්‍ර අඳිනවා කියලයි ආරංචි.

ඔව්, මම තඹ පත්‍ර මත තමයි චිත්‍ර අඳින්නේ. තඹවලට තියෙනවා හරිම ලස්සන දිලිසෙනසුලු ස්වභාවයක් වගේම, කාලයත් එක්ක ලස්සන පාටක්හැදෙනවා. ඒ වගේම තඹවලට මතකය, කාලය, සහ මගේ ළමා කාලයත් එක්ක සංකේතාත්මක සම්බන්ධයක් තියෙනවා කියලා මට හිතෙනවා. මගේ වැඩවලින් කියවෙන්නේ අපිට නැතිවෙලා යන දේවල් ගැන පොඩි මතක් කිරීමක් වගේම, අපිට තිබිච්ච සුන්දරත්වය මතක් කරගන්න ආරාධනාවක්.

your image

your image

"There Was a Place Once Was" කියන එක මේ ප්‍රදර්ශනයේ තේමාව වගේ. ඒ ගැන පැහැදිලි කරන්න පුළුවන්ද?

"There Was a Place Once Was" කියන්නේ අපි අයිතිවෙලා හිටපු තැන් ගැන පොඩි නිහඬ සිතුවිල්ලක්. ඒ තැන් භෞතිකව විතරක් නෙවෙයි, හැඟීම්වලින්, මතකයන්ගෙන් පවා මැකිලා යනවා. මේක නැතිවුණු දේවල් හොයන එකක් විතරක් නෙවෙයි, හරිම ඉක්මනට හැමදේම අමතක කරලා දාන ලෝකයක ඉතිරිවෙලා තියෙන වටිනා, සියුම්, වශීකරවන සලකුණු ගැන අවධානය යොමු කරන්න කරන මෘදු ආරාධනාවක්.

your image

your image

මේ ප්‍රදර්ශනයෙන් ඔබ ප්‍රේක්ෂකයන්ට දෙන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?

මේ ප්‍රදර්ශනයෙන් මම ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරන්නේ වේගය අඩු කරලා, හැඟීම් දැනෙන්න දීලා, සමහරවිට තමන්ගේ අතීතය මතක් කරගන්න කියලා. අපේ වර්තමාන ජීවිතයයි, ස්වභාවධර්මයයි අතර වැඩිවෙන දුරස්ථභාවය ගැන මගේ නිර්මාණවලින් කියවෙනවා. විශේෂයෙන්ම, අපි දැන් ජීවත් වෙන අතථ්‍ය පරිසරයන් (virtual environments) නිසා මේ දුරස්ථභාවය වැඩිවෙලා තියෙනවා. මේ චිත්‍ර මතක් කරනවා අපේ වටපිටාව සැබෑවටම දැනුණු, සම්බන්ධකම් ශාරීරිකව සහ භූමියට සම්බන්ධ වෙලා තිබුණු කාලයක්. ඒක අද තියෙන ඛණ්ඩනය වුණු, තිරය තුළට සීමා වුණු යථාර්ථයට වඩා හාත්පසින්ම වෙනස්.

your image

your image

අවසාන වශයෙන්, මේ ප්‍රදර්ශනයෙන් කියවෙන්නේ මොකක්ද?

මේ ප්‍රදර්ශනයම සුන්දරත්වය, පැවැත්ම, සිතුවිලි, නැත්නම් නිශ්ශබ්දතාවය කියන දේවල්වල සලකුණක්. මේක අපිට දැනුණු, අපිට අයිති වෙච්ච දේවල් ගැන මතක් කිරීමක්.

ඉතින්, Ziradaily අපි ඉෂාර මධුශංකගේ "UNFORGOTTEN" ප්‍රදර්ශනය බලන්න ඔබටත් ආරාධනා කරනවා.

✍️ නයනාංජලී හේවගේ

83%
17%
0%
0%
Comments