ads
Interview

'ක්ලැරන්ස්' චිත්‍රපටයේ 'ශීලා' ලෙසින් රසික හදවත් දිනූ නිහාරි පෙරේරා

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
සිංහල සිනමාවට අලුත්ම බලාපොරොත්තුවක් එක් කරමින්, කෙටි කලකින්ම ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත් වූ අතිශයින්ම දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නිහාරි පෙරේරා. ඇය ක්ෂේත්‍රයට පිවිස වැඩි කලක් ගත වී නැතත්, මේ වන විටත් චිත්‍රපට ගණනාවකටම දායක වී තිබෙනවා. ඒ අතරින් ඇය රඟපෑ පළමු සිනමා නිර්මාණ කිහිපයක්ම මේ දිනවල ප්‍රේක්ෂකයන්ට දැක බලාගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා.

තේජා ඉද්දමල්ගොඩ අධ්‍යක්ෂණය කළ 'ක්ලැරන්ස් රිදම් ඔෆ් ද ගිටාර්' චිත්‍රපටයත්, තවත් සිනමා නිර්මාණ කිහිපයකුත් ඇගේ කලා ගමනේ වැදගත් සන්ධිස්ථාන බවට පත්ව තිබෙනවා. ZiraDaily අපි ඇගේ මේ රංගන ගමන, අලුත් තොරතුරු මෙන්ම ඇගේ ඉදිරි සැලසුම් ගැනත් නිහාරි සමඟ කතා බහක නිරත වුණා.

your image

'ක්ලැරන්ස් රිදම් ඔෆ් ද ගිටාර්' චිත්‍රපටයේ ශීලා විජේවර්ධන මහත්මියගේ චරිතය ගැන තමයි දැන් හැමෝම කතා කරන්නේ. ඒ චරිතය ප්‍රේක්ෂකයන් මෙච්චර ආදරයෙන් වැළඳගනීවි කියලා හිතුවද?

"ඔව්, මම හිතුවා, මොකද ශීලා මහත්මිය හරිම ආදරණීය චරිතයක්. මම ඇයත් සමඟ දුරකථනයෙන් කතා බහ කරලා තියෙනවා. මට ඒ අවස්ථාව ලබා දුන්නේ තේජා ඉද්දමල්ගොඩ සර්. ඉතින් ඒ අවස්ථාව මම උපරිම ප්‍රයෝජන ගත්තා. මොකද ඇය ඇත්තටම හරිම ආදරණීයයි, හරි අහිංසකයි. ඉතින් ඒ තියෙන අහිංසකකම, ආදරණීය බව මට ඇත්තටම මේ චරිතයෙන් ගේන්න ඕන වුණා. ඉතින් මම හරි ආසාවෙන් තමයි ඒ ශීලාගේ චරිතය කළේ."

your image

මේක ඔබගේ පළමු සිනමා නිර්මාණය නේද?

"ඔව්, ඇත්තටම මේක මගේ පළවෙනි සිනමා නිර්මාණය. මට මේ අවස්ථාව ලැබෙන්නේ තේජා ඉද්දමල්ගොඩ සර්ගෙන්. කොහොමත් තේජා ඉද්දමල්ගොඩ සර්ව මට හමුවෙලා තියෙනවා වෙළඳ දැන්වීමකදී. එදා ඔහු කිව්වා 'මම ඔයාව කලින් දන්නේ නෑනේ, දන්නවනම් මම අනිවාර්යෙන්ම ෆිල්ම් එකට ගන්නවානේ' කියලා. ඉතින් ඊට පස්සේ අවුරුදු එකහමාරක් දෙකකට පස්සේ තේජා ඉද්දමල්ගොඩ සර් මට කෝල් කරලා අහනවා 'මේ වගේ චිත්‍රපටයකට එන්න පුළුවන්ද?' කියලා. ඒ වෙලාවේ මම ලංකාවේ නෙවෙයි හිටියේ. මම ඒ වෙලාවේ පැජන්ට් එකකට සහභාගි වෙලා හිටියේ. අන්තිමේ ලංකාවට ආවට පස්සේ සර්ට කෝල් කරලා ස්ක්‍රීන් ටෙස්ට් එකකට ගියා. දවස් දෙකකට විතර පස්සේ මාව මේ චරිතයට තෝරගත්තා කියලා කිව්වා. ඉතින් මේ චිත්‍රපටය මගේ පළමු සිනමා අත්දැකීම කිව්වොත් හරි, 

your image

ශීලා විජේවර්ධන කියන චරිතය අදටත් ජීවමාන චරිතයක්. එහෙම සැබෑ චරිතයක් රඟපාන එක ඔබට අභියෝගයක් වුණේ නැද්ද?

"මම කලින් කිව්වා වගේ මම ශීලා මහත්මියත් එක්ක කතා කළා. මේ චරිතය රඟපාන්න ශීලා මහත්මිය මට ගොඩක් උදව් වුණා. මම අමතක කරන්න හොඳ නැහැ තේජා ඉද්දමල්ගොඩ සර් මට ගොඩක් උදව් වුණා මාව ඒ ට්‍රැක් එකට ගන්න. මොකද මේක මගේ පළවෙනි සිනමා අත්දැකීම. ලොකු අත්දැකීමක් තිබ්බේ නෑ. ඉතින් එහෙම තමයි මම ඒ චරිතයට සාධාරණයක් කළේ."

your image

ශීලා විජේවර්ධන චරිතයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ?

"හිතාගන්න බැරි සතුටක් තියෙනවා. ඒක වචන වලින් කියලා නිම කරන්න බෑ. . ඒ චරිතයට  ප්‍රේක්ෂකයින්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ හැමෝටම මම ස්තූතිවන්ත වෙනවා. ඒ දාන හැම මැසේජ් එකක්ම ප්‍රේක්ෂකයන් ගොඩක් ආදරයෙන් දාන්නේ. ඒ ලැබෙන ආදරයට, ප්‍රතිචාර වලට මම ගොඩක් ආදරෙයි. ඇත්තටම මම හිතුවෙවත් නැති ප්‍රතිචාර ලැබුණා. ඉතින් ගොඩක් සතුටුයි."

your image

විශේෂයෙන්ම මතක හිටින ප්‍රතිචාර මොනවාද?

"එහෙම එකක් කියලා ගන්න බෑ. මට හැම ප්‍රතිචාරයක්ම වගේ මතකයි. මොකද ඒ හැම දේකම ලොකු තේරුමක් තියෙනවා. ප්‍රේක්ෂකයා අපිට දෙයක් කියන්නේ ඒගොල්ලන්ගේ හිතට දැනුන නිසා. ඉතින් ඒ හැම කමෙන්ට් එකක්ම සහ හැම දෙයක්ම මට විශේෂයි. ඉතින් එහෙම එකක් කියලා ගන්න ගොඩක් අමාරුයි."

කලාවයි, ක්‍රීඩාවයි දෙකම ඔබට සමීපයි වගේ. ඔබ වැඩියෙන් කැමති කලාවටද, ක්‍රීඩාවටද?

"මම දෙකටම එක හා සමානව ආසයි. මොකද කලාව කියන්නේ මගේ පැෂන් එක. ක්‍රීඩාව කියන්නේ මගේ විනෝදාංශය. ඒකත් මගේ එක අතකින් බැලුවොත් පැෂන් එකක්. ඉතින් ඒ දෙකටම එක හා සමානව මම ආදරෙයි. 

your image

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

"ඇත්තටම ඉදිරියට ගොඩාක් බලාපොරොත්තු තියෙනවා. මගේ ඉදිරි සිනමා නිර්මාණ පහක් එන්න තියෙනවා. ඒවායින් ඉදිරියට යන්න හොඳ නිළියක් වෙන්න අනාගතේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා."

your image

සිනමාවට අමතරව වෙනත් ක්ෂේත්‍රවලටත් දායක වෙන්න අදහසක් තියෙනවද?

"වෙන ක්ෂේත්‍ර කියන්නේ, මම මගේ අම්මත් එක්ක ව්‍යාපාරයක් පටන් ගන්න හිතන් ඉන්නවා. මම මේ කරගෙන යන වැඩ ඉදිරියට දිගටම කරගෙන යනවා."

නිහාරි පෙරේරාගේ කලා දිවියට ZiraDaily අපෙන් උණුසුම් සුභ පැතුම්! ඇගේ ඉදිරි නිර්මාණ හා ව්‍යාපාරික කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමු.

✍️ නයනාංජලී හේවගේ

50%
50%
0%
0%
Comments