Strong winds of about (50-60) kmph can be expected at times over Western slopes of the central hills and in Western, Sabaragamuwa, Central, Southern, Northern, North-central and North-western provinces and in Trincomalee and Batticaloa districts.
WEATHER FORECAST FOR 29 OCTOBER 2025
A few showers may occur in Western, Sabaragamuwa, Central and North-western provinces.
The general public is kindly requested to take adequate precautions to minimize damages caused by strong winds.
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
2025 ඔක්තෝම්බර් මස 28 දින ප.ව. 2.00 ට නිකුත් කරන ලදී.
දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින "මොන්තා" චණ්ඩ සුළිකුණාටුව, අද දින (2025 ඔක්තෝබර් 28 වන දින) උදෑසන 8.30 පමණ වන විට කන්කසන්තුරය සිට කිලෝමීටර 720 ක් පමණ ඊසාන දෙසින් අක්ෂාංශ 14.9° N සහ දේශාංශ 82.9° E ආසන්නයේ කේන්ද්‍රගත වී පැවතුනි.
මෙම පද්ධතිය උතුරට බරව වයඹ දිශාවට ගමන් කරමින් අද සවස/රාත්‍රියේ දී අන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන්කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඉදිරි පැය 24 තුල කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවුක කටයුතුවලන් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ.
හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවුක කටයුතුවල යෙදෙන ප්‍රජාව, මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.
වැසි තත්ත්වය:
පුත්තලම සිට කොළඹ හරහා කළුතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැක.
සුළඟ:
සුළං බස්නාහිර දිශාවෙන් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 65 පමණ දක්වා ඉහළ යා හැක.
හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (55-60) පමණ දක්වා ඉහළ යා හැක.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 55 පමණ දක්වා ඉහළ යා හැක.
මුහුදේ ස්වභාවය:
කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ.
WEATHER FORECAST FOR SEA AREAS AROUND THE ISLAND DURING NEXT 24 HOURS
The Severe Cyclonic Storm “Montha” over the Bay of Bengal, to the northeast of the island, lay centered near latitude 14.9°N and longitude 82.9°E, about 720 km northeast of Kankasanturai at 8.30 am today, the 28 October 2025.
It is likely to move nearly north-northwestwards and it is very likely to cross the Andhra Pradesh coast during the evening/night today.
Naval and fishing communities are warned not to venture to the sea areas off the coast extending from Kankasanthurai to Batticaloa via Trincomalee, during next 24 hours.
Naval and fishing communities, engaging activities over the sea areas off the coast extending from Chilaw to Kankasanturai via Mannar and from Galle to Pottuvil via Hambantota are requested to be vigilant in this regard.
Condition of Rain:
A few showers may occur in the sea areas off the coast extending from Puttalam to Kaluthara via Colombo.
Winds:
Winds will be westerly and speed will be (30-40) kmph. Wind speed can increase up to 65 kmph at times in the sea areas off the coast extending from Kankasanthurai to Batticaloa via Trincomalee.
Wind speed can increase up to (55-60) kmph at times in the sea areas off the coast extending from Chilaw to Kankasanthurai via Mannar and from Galle to Pottuvil via Hambantota.
Wind speed can increase up to 55 kmph at times in the other sea areas around the island.
State of Sea:
The sea areas off the coast extending from Kankasanthurai to Batticaloa via Trincomalee can be very rough at times.
The other sea areas around the island will be rough at times.
Temporarily strong gusty winds and very rough seas can be expected during thundershowers.