"සිදූ", "අත්තම්මා", "සිත නිදි නෑ" සහ "සිකුරු ඇවිත්" වැනි මෙරට ටෙලිනාට්‍ය කලාවේ සුවිශේෂී සලකුණු තැබූ නිර්මාණ හරහා ලාංකීය ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගත් ඔහු, මෙවර රිදී තිරය හැඩකිරීමට සැරසෙන්නේ "මං හොයන්නේ ප්‍රේමයක්" යන ආදරණීය සිනමාපටය අධ්‍යක්ෂණය කරමිනි.
මෙම සිනමාපටය තරුණ පරපුරේ මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පීන් රැසකගේ දායකත්වයෙන් වර්ණවත් වන අතර, වර්තමාන සිනමාවේ කැපී පෙනෙන තරු ත්‍රිත්වයක් වන අභිලාශි සන්තුෂ්කි, දර්ශන් තාවරාජා සහ පූජානි භාග්‍යා මෙහි ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙනවා.