ads
Entertainment

මිෂෙල් දිල්හාරා රංගනයෙන් එක්වන “අදිරන්”

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
තිනේශ් කනගරාජාගේ තිර රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් හැඩවෙන, බලාපොරොත්තු රැසක් දල්වන සිනමා නිර්මාණය වන 'අදිරන්' චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගියදා උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි.

your image

‘අදිරන්’ සිනමාපටය සිංහල සහ දමිළ භාෂා ද්විත්වයෙන් තිරගත වීමට නියමිත වීම විශේෂත්වයකි.

ඇන්ටන් රමේෂ් ඩෙල සෙල්ෆ්ගේ නිෂ්පාදනයක් වන 'අදිරන්' සඳහා සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසකගේ දායකත්වය ලැබී ඇත. කැමරාකරණයෙන් කතීර් රාජසේකරම් ද, සංස්කරණයෙන් එස්.ආර්. තුෂීකරන් ද, සටන් අධ්‍යක්ෂණයෙන් අල්විස් කිලින්ටන් ද, අංග රචනයෙන් කළයි මයිල් ද සිය දායකත්වය ලබා දී තිබේ. සහය අධ්‍යක්‍ෂණ කටයුතු සඳහා සූකීර්තන් ක්‍රිස්තුරාජා, ජෙනෝෂන්, සාරි ප්‍රකාශ්, සහ ධරණිය කුමුදිනී එක්ව සිටිති.

සුදර්ශන් රවීන්ද්‍රන්, මිෂෙල් දිල්හාරා, එල්‍ රෝයි අමලතාස්, ක්‍රිශාන් විනෝදන්, ශ්‍යාමලා නිරංජන්, අරුන් සුසීන්, ජමාල්ඩීන් මුසාමිල්, සෙල්වරාජ් ලීලා, දුලාෂි කෝන්හගවත්ත, ඩිලාන් බාලකුමාර්, ශ්‍යාමලා නිරංජන් ඇතුළු ශිල්පීන් රැසක් මෙහි රංගනයෙන් එක්වෙති.

මෙරටේ ජනප්‍රිය නිළියක වන මිෂෙල් දිල්හාරා මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ සිනමාපටයට තවත් ආලෝකයක් එක් කරමිනි. ඇගේ රංගන දායකත්වය පිළිබඳව ප්‍රේක්ෂකයන්ගේ ඉමහත් අවධානයක් යොමුව ඇත.

'අදිරන්' චිත්‍රපටයේ මංගල දර්ශනය දා ඡායාරූප කිහිපයක්..

your image

your image

your image

your image

your image

your image

your image

0%
0%
0%
0%
Comments